විනීතා එම් ගමගේ
කහකුඩු වැඩි මිලට අලෙවිකරන වෙළදුන් සොයා අද (22) සිට වැටලීම් සිදුකිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත් බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (පාරාභෝගික කටයුතු හා තොරතුරු ) අසේල බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
කහ කුඩු කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750 ක් බවට සදහන් කරමින් රජය ඊයේ(21) අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කරනු ලැබූ අතර ඊට වඩා වැඩි මිලකට කහ විකුණන වෙළදුන් ඇල්ලීමට කටයුතු කරන බව ද බණ්ඩාර මහතා කීය.
දේශියව නිපදවිය හැකි බැවින් පිටරටින් කහ ගෙන්වීම රජයෙන් තහනම් කරනු ලැබු අතර මේ හේතුවෙන් වෙළද පොලේ කහ කුඩු හිඟයක් මතුවීමත් සමග අඩු මිලට ගෙන්වනු ලැබූ කහ ඉතා ඉහළ මිල ගණන්වලට විකිණීමට වෙළදුන් පියවර ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි මිලට තියා කොහොමවත් කහ කුඩු ටිකක් හොයාගන්න කොහේවත් නෑ...
මන් ලඟදි කහ ගත්තා, ග්‍රෑම් 100ක් රුපියල් 300යි. කිලෝවක් 3000 යි
පාරිභෝගික අධිකාරියට පැමිණිලි 2ක් ම දැම්මා.
පරිප්පු 190, සැමන් දැක්කෙවත් නැහැ
ටි වී එකෙන් කියනවා වෙන්නේ නැ. අද උදේ චුන් පාන් එකෙන් පාන් 1 ගත්තා රුපියල් 60 බර ග්‍රෑම් 270, කාට කියන්නද ? අනිත් දේ රත්තරන් බඩුවක් උගස් තියා ගන්නවත් පැය 4 ක් වත් ලිහිල් නොකරපු දිස්ත්‍රික්ක ලිහිල් කරන්නේ නැ
අපේ වත්තේ කහ වගා කරලා තියෙනවා. ඒවා විකුනන බැරිව අපි දුක් විදිනවා. ගන්නේ තුට්ටු දෙකට. අතරමැදියෝ සල්ලි හම්බ කරනවා. පරිබෝගිකයෝ වැඩි මිලට ගන්නවා.