(දිල්රුක්ෂි ග්‍රේරු)
අද උදෑසන සිට මේ වනතුරු කිසිඳු කොරෝනා අසාදිතයකු හමු වී නැතැයි ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා අසාදිත සංඛ්‍යාව 102 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියයි.
අද උදෑසන සිට පෙරවරු 4.30 වන විට කිසිදු රෝගියකු වාර්තා වී නැතැයි එහි සඳහන්ය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඇමැතිවරිය මේ බව පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනය තුළ PCR පරීක්ෂා කරන රෝගීන් ගානත් වැදගත්...............
අනේ අපේ මේ අප..." විත්‍රා " නගේ ඔහේගේ කට වහගන්නවද? මොකද " ඇස් වහ, කට වහ " කියල ජාතියකුත් මෙලොව තියෙනවනේ. එනිසා නැවතත් අපි කියන්නේ ඔහේගේ කට වහ ගන්නවද පින් අයිතිවෙයි. අපි සියලුම පුරවැසියන්ගේ ඔහෙලට (පට්ටියේ 225 ම) පිනට කන්න බොන්න දෙනවනේ ...
මගේ රටට දළදා සමිදු පිහිට ලැබේවා !!!!
සහතික ඇත්ත. ලංකාවට තියන ලොකුම වසංගත 225ම ගෙදර යවලා. එහෙන් මෙහෙන් හැලිච්ච කෑලි ටිකත් ගෙදරම සදහටම නිරෝධායනය කලානම් කිසිම කරදරයක් නැතිව සියලු ලක් වැසියන්ට චිරාත් කාලයක් වැජඹෙන්න තිබුනා.
දෙවි පිහිටෙන් අපේ රට ආරක්ෂා වේවා...
ජාතියටම සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් මේ ප‍්‍රවෘත්තිය දැක්කම ලේ, කඳුළු, දහදිය හෙලු ශ්‍රමය කැපකළ සැමටම ජයවේවා... ( නමුත් මේක කොයි මොහොතේ කණපිට පෙරලෙයිද දන්නේ නැහැ... කළු කියපු විදියට ඔහොම යන්)
රට විනාශ කරපු පරණ ඔළුගෙඩි සෙට් එකම නැවත බලය ලබාගන්න හදනවා. ඔකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඔබතුමියට නොව නිසිලෙස උපදේශ පිළිපදිමින් ගෙදරට වෙලා ආරක්ෂාකාරීව සිටි මහා ජනතාවට සහ රෝහල් සේවක කාර්යමණ්ඩලයට, හමුදාවට , පොලිසියට . ඔබතුමියට පුළුවන් චීන්නු ඉඹින්න පමණි..