
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී ඇත.
මෙයට අදාල විශේෂ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.
අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා නීතියට පටහැනි වුණු දේ අද හොඳ වුණා. ලොකුතැනගේ ඉඳලා තීරන ගන්න විදිය අනුව කබරගොයා තලගොයා වෙන න්‍යාය පැහැදිලියි. ඔය නීතී රෝල්කරලා ගහගන්න...!!!
හොඳ වැඩක් නෙවෙයි.
අ-සේල කියන නමින්ම වැඩ ගැන තේරෙනවා. සේල කියන්නෙ රෙදි. අසේල කියන්නෙ රෙදි ඉල්ලේ...
අසේල රොබෝ කෙනෙක්ද..?
භූගත ජල මට්ටම පට්ට විදිහට අඩුවෙලා වගේ මේ මාස ගාණට...! කෝ මේ අර වොයිස් කට් දීපු මහාචාර්ය නෝනා...?
තනි සිංහල ආණ්ඩුවට මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයෝ ගන්න අවශ්‍ය වෙලා වගේ..? එදා හොඳ නැති දේ අද හොඳ වෙන්න ප්‍රධානම හේතුව ඒකයි. ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ බලපෙරලියක් එයි වගේ? ඔහොම යන්...
අර මහාචාර්ය නෝනා කොහේද ඉන්නේ?
ජාතිවාදය පිහිටෙන් පත්වෙච්චි මේ ආණ්ඩුව නිසා ලස්සනට තිබිච්චි රට මේ බංකොලොත් වෙලා... දැන් තමයි මොලේ පෑදිලා තියෙන්නේ..
වෛරය පදනම් කරගෙන ගන්නා තීරණවල ප්‍රතිඵලය. දෛවයේ සරදම..
රියන් 7 යට වළලපු මිනියකින් කොරෝනා වෛරස් එක බෝ වෙන්න බැරි බව සාමාන්‍ය සිහිබුද්ධියක් තිබෙන සියලු දෙනාටම තේරෙනවා.