(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනකු ඊයේ (24) දිනයේත් මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 16,452 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර වයස අවුරුදු 60 ඉක්මවූ අයෙක් සහ වයස අවුරුදු 30ත් 59ත් අතර අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ දැක්වේ.

මියගොස් ඇත්‍තේ පිරිමි අයකු සහ එක් කාන්තාවක් බව එහි සඳහන්ය.