(අනීෂා මානගේ)
දින කිහිපයක් තිස්සේ සැඟව සිටි බව කියන කොරෝනා ආසාධිත බවට සැකකරන විදේශීය ජාතික යුවළක් සහ ලාංකික මඟපෙන්වන්නෙකු රන්න කහඳමෝදර ප්‍රදේශයේ සංචාරක නවාතැන්පළක සිටියදී අද(19) හම්බන්තොට මහ රෝහල වෙත යැවීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් ගජධීර මහතා පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ යුක්‍රේන් ජාතික යුවළක් සහ රන්න ප්‍රදේශයේ පදිංචි සංචාරක මඟපෙන්වන්නෙකි.
දින හතරකට පමණ ඉහතදී මෙම විදෙස් ජාතික යුවළ රන්න ප්‍රදේශයට පැමිණ ඇති අතර මොවුන්ට මඟපෙන්වීම සඳහා පැමිණි පුද්ගලයා සමඟ එකම නවාතැන්පළක නවාතැන් ගෙන ඇතැයි නිලධාරීහු කියති.
මොවුන් උණ රෝගයෙන් පෙළෙමින් සිටීම හේතුවෙන් පෞද්ගලිකව ප්‍රතිකාර ලබා ගන්නා බවට ප්‍රදේශවාසීන් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ පොලිසියට කරන ලද දැනුම්දීම හේතුවෙන් කිහිපවරක් එම නිලධාරීන් නවාතැන්පොළට ගියද මොවුන් මඟහැර සැඟව සිටි බව නිලධාරීහු පවසති.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා යැයි සැක විදේශීය යුවළක්-මඟ පෙන්වන්නෙක් හම්බන්තොට රෝහලට
de silva Thursday, 19 March 2020 12:15 PM
ලෙඩේ සුව වුනහම ජිවිතේට ලංකාවට එන්න බැරි විදිහට බ්ලැක් ලිස්ට් කරලා රටින් පිටුවහල් කරන්න.