(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනකු ඊයේ (25) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,454 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර වයස අවුරුදු 60 ඉක්මවූ අයෙක් සහ වයස අවුරුදු 30ත් 59ත් අතර අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ දැක්වේ.

මියගිය දෙදෙනාම කාන්තාවන් බව ද එහි සඳහන්ය.