IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා මඬින්න දකුණේ පළාත් පාලන ආයතන සඳහා මිලියන 55ක්

(ජේ.කේ.එල් චාමින්ද)
 
කොරෝනා වසංගතය මැඬලිම සදහා දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49 සඳහා  රුපියල් මිලියන 55ක මුදලක්   ලබාදිමට පියවරගෙන ඇති බැව් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි.
 
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ නියෝගය පරිදි මෙම මුදල් ලබාදිමට පියවරගෙන ඇති  බව පවසන දකුණු පළාත් පළාන කොමසාරිස්වරයා  එක් පළාත් පාලන ආයතනයක්  සදහා රුපියල් දශලක්ෂයක  මුදලක් ලබාදිමට පියවරගෙන ඇති බවද පවසයි.
 
 
 සියලුම පලාත් පාලන ආයතන මේ අවස්ථාවේදීත් කසල රැගෙනයාම, ආදාහනාගාර සේවා, ගලි රථ සේවා හා ගිනි නිවීම් සේවා ආදී අත්‍යාවශ්‍ය සේවා සියල්ල නොපිරිහෙලා පවත්වාගෙන  යන බවද  පළාත් පාළන කොමසාරිස්වරයා සදහන් කරයි.
 
 
පලාත් පාලන ආයතන මේ සියලු සහන සේවා සිදු කරකරන්නේ සභාවේ අරමුදල් භාවිත කරමින් බව පවසන දකුණු පළාත් පළාන කොමසාරිස්වරයා  මහා නගර සභා ඇතුළු සියලුම පලාත් පාලන ආයතනවලට ලැබිය යුතු වරිපනම් ඇතුළු සියලු ආදායම් මාර්ග මේ වනවිට  මුලුමනින්ම අහිමිවී ඇති බවද පවසයි.
 
 එම තත්ත්වය තුල ඇතැම් ප්‍රාදේශිය සභා දෛනික කටයුතු සිදු කරනු ලබන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මාධ්‍යයේ බව පවසන දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා මෙම තත්වය අවබෝධ කරගත් ආණ්ඩුකාරවරයා  මෙම මුදල ලබාදිමට පියවරගත් බවද පවසයි.. 



අදහස් (0)

කොරෝනා මඬින්න දකුණේ පළාත් පාලන ආයතන සඳහා මිලියන 55ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 888 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site