කොරොනා වයිරස් වසංගතය හේතුවෙන් දිගින් දිගටම රට අගුලු දමා තිබියදී මහ ඇමතිනි මම්තා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තය පුරා නිවෙස්වලට මත්පැන් බෙදා හැරීමට අවසර දෙන බව ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
එම ප්‍රාන්තයේ සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පවසන්නේ ප්‍රාන්තයේ මත්පැන් විකිණීම තහනම් කර නොමැති බැවින් නිවෙස් වෙත මත්පැන් බෙදා හැරීම සඳහා ප්‍රතිපාදන ඇති බවයි.
කෙසේ වෙතත්, අගුලු දැමීමේ ( අවස්ථාවකදී, ප්‍රාදේශීය පොලිස් ස්ථානය විසින් භාණ්ඩ බෙදාහැරීමේ යෙදී සිටින පුද්ගලයින්ට අවසර පත්‍ර නිකුත් කරනු ලැබේ. කේරළ, බටහිර බෙංගාලය වැනි ප්‍රාන්තවල අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට මත්පැන් ඇතුළත් කර ඇති බව මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටී.
කෙසේ වෙතත් තවත් ඉන්දියානු මාධ්‍ය කිහිපයක් සඳහන් කර සිටින්නේ එයාකාර තීන්දුවක් ගැනීමට බටහිර බෙංගාල ප්‍රාන්ත රජය තීන්දුවක් ගෙන නොමැති බවයි.
මෙලෙස අවසර දුන් බවට සඳහන් චක්‍රලේඛයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී ඇත. කෙසේ නමුත් මෙය ව්‍යාජ ලියැවිල්ලක් බවට ද ප්‍රාන්ත රජයේ උසස් නිලධාරියෙකු පැවසූ බව එන්ඩිටිවි පුවත් සේවය සඳහන් කරයි.
කේරළ මහඇමති පිනරෙයි විජයන් මීට පෙර පවසා තිබුණේ රාජ්‍යය විසින් මෙහෙයවනු ලබන මත්පැන් අලෙවිසැල් කොරොනා වයිරස් රටපුරා අගුලු දමා තිබියදීත් විවෘතව පවතින බවයි.
රජයේ මත්පැන් අලෙවිසැල් හැරුණු විට ප්‍රාන්තයේ වැඩිවන කොරෝනා වයිරස් රෝගීන් හේතුවෙන් ප්‍රාන්තය පුරා ඇති අනෙකුත් සියලුම බාර් සහ පෞද්ගලික මත්පැන් අලෙවිසැල් වසා දමන බව කේරළ මහඇමතිවරයා පැවසීය.
එසේම, පන්ජාබ් මහ ඇමතිවරයාගේ නියෝගයකින් කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වූ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සිල්ලර බඩු සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස පාන වර්ග සැපයීම ප්‍රකාශයට පත් කරන ලදී.
කොරෝනා වෛරස් වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස ඉන්දියාවේ බිලියන 1.3 ක සමස්ත ජනගහනයේ ගමන් කිරීම සීමා කරමින් මාර්තු 24 වන දින අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියානු රජය දින 21 ක් පුරාවට රට අගුලු දැමීමට නියෝග කළඅතර එය ලබන මැයි 03 දක්වා දීර්ඝ කර තිබේ.
(125)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් කියන්නේ ඕනෑම රටක රජයට ඉතාම ඉහළ බදු ආදායමක් ලබාදෙන දෙයක්. සෞඛ්‍යමය පැත්තෙන් ඒවා ගැන විවිධ මත තිබුනත් මිනිසුන් නීත්‍යානුකුලව භාවිතා කරන මත්පැන් වලට තහංචි දමලා හොර මත්පැන් වලට මිනිසුන් පොළඹවන්නේ ලංකාවේ රජය පමණයි. මේ කොරෝනා වෛරසයේ මුලිකම අවධියේ ඕස්ට්‍රේලියානු රජය යම් යම් සේවාවන් කිහිපයක් පමණක් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කළා. බියර් සෑදීමේ කර්මාන්තයත් ඒ අතරට ඇතුල් කරන්න තරමට ඔළුවක් ඕස්ට්‍රේලියානු අගමැතිට නම් තිබුනා.
ෂා නියමයි නේද? යන්න තිබුනනම් හොඳ අඩියක් ගහලා අපේ කස්ටියටත් මොකුත් ගෙන්න තිබුනා නේ ?
එම ප්‍රාන්ත රජයේ මන්ත්‍රීවරු අතර කසිප්පු මුදලාලිලා නැතුව ඇති. එහෙම වුනානම් අනිවාර්යයෙන් බාර් වහන්න කියලා උද්ඝෝෂණ කරනවා.
ලංකාවේ කොහෝ හරි බාර් එකක් විවෘත කලොත් එකට විරුද්ධව හාමුදුරුවරු කිහිප නමක් පෙරටු කරගෙන විශාල උද්ගෝෂණයක් සිදුවෙනවා... හොඳට හොයල බැලුවොත් පස්සෙන් ඉඳන් උද්ගෝෂණයට ස්පොන්සර් කරන්නේ ප්‍රදේශයේ කසිප්පු මුදලාලි කෙනකු හෝ කිහිප දෙනෙකු බව පෙනෙනවා.