(මනෝප්‍රිය ගුණසේකර)
නව කොරෝනා වයිරසය ආසාදානය වී මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචිකරුගේ දේහය අද (02) පස්වරුවේ කොටිකාවත්ත ආදාහනාගාරයේදී අදාහනය කළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
‘කොවිඞ් 19’ හෙවත් ‘නව කොරෝනා’ වයිරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගිය තෙවන පුද්ගලයා වන මොහු අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර පැය කිහිපයක් තුළදී මියගොස් ඇත.
අදාළ පුද්ගලයා ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුලත අදාළ පුද්ගලයා මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙරටින් වාර්තා වූ තෙවන කොරෝනා වයිරස් මරණය ලෙස එය වාර්තා වන අතර එසේ මියගොස් ඇත්තේ මරදාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයාගේ දිවි බේරා ගැනීමට අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දැරවුද මෙම රෝගියා නිදන්ගත රෝග වලින් මෙන්ම වකුගඩු රෝගයකට ලක්ව සිටි පුද්ගලයකු වීම හේතුවෙන් ඔහුගේ දිවි බේරා ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වූ බවද වාර්තා වේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ
isurandi Thursday, 02 April 2020 02:25 PM
මුඛ ආවරණ සේම මෙතන ඉන්න කිහිපදෙනෙක් අත් පා ආවරණ පැළද නොසිටීම කණගාටුවට කාරණයක්...