(නිමන්ති රණසිංහ) 

අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ටාසයේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු කෝවිඩ් ආසාදිත ව මිය ගිය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, පොලිස් දෙපාර්තමේන්තුවේ  කොවිඩ් ආසාදිත ව මියගිය 29 වැනි පොලිස් සාමාජිකයා වන්නේ මෙම පොලිස් සැරයන්වරයා ය.

මෙසේ මරණයට පත් වූයේ වයස අවුරුදු 56ක් වූ පොලිස් සැරයන් 62702 ඒ. ඒ . මහින්දසිරි මහතාය.

අධික රුධිර පීඩනය හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති මෙම පොලිස් සැරයන්වරයා ට සිදුකරන ලද පිසිආර් පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිත බවට හෙළි වී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පොලිස් සැරයන්වරයා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් අයෙකු බව ද පැවැසෙයි.