(යොහාන් භාසුර)

සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 16 වැනිදා පල්ලෙකැළේදී ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින යොවුන් පිතිකරු කමිල් මිෂාර ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (12) රාත්‍රී ‘ලංකාදීප’යට පැවසීය.

කමිල් මිෂාර වෙතින් රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කිරීම නිසා පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමු කළ බවත් එම පරීක්‍ෂණයෙන් ඔහු ආසාදිත බව තහවුරු වී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

ඔහු මේ වන විට හෝටල් කාමර තුළ රඳවා සිටින අතර දින කීපයක සිට ඔහු හුදකලා කර තැබීම නිසා සෙසු ක්‍රීඩකයන් සමඟ සම්බන්ධ නොවූ බව කී එම නිලධාරියා ඉදිරි දින කීපයේදී ඔහු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරන බව ද පැවසීය.