වෙනත් පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් යොදවා කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කොටුව පොලිස් ස්ථාන පරිශ්‍රයෙන් කොරෝනා ආසාදිතයකු හමු වීම හේතුවෙන් එම පරිශ්‍රය තාවකාලිකව වසා දමා එහි සේවයේ යෙදෙන සියලුම නිලධාරීන් බැරැක්ක තුළ ස්වයං නිරෝධායනයට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට ඊයේ අනාවරණය වීමත් සමග ඔවුන් මෙම පියවර ගෙන ඇත.
කොටුව පොලිසියෙන් සේවය ලබාගැනීමට පැමිණෙන මහජනතාවට කොම්පඤ්ඤ වීදිය කෝ පිටකොටුව පොලිස් ස්ථාන කරා ගොස් එම අවශ්‍යතා සපුරාගත හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd