IMG-LOGO

කොටපොල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම

(එස්. ඩි.කොඩිකාර )

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදී කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනවිත් දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කොටපොළ ප්‍රාදේශීය ලේකම් ගනේෂ අමරසිංහ මහතා පැවසීය.

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන නිලධාරියා සහ ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කරගෙන මෙම කටයුත්ත සිදුකරන බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව කොට්ඨාශයේ සංවර්ධන නිලධාරියා වෙත ලබාදීමෙන් පසුව එය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එම භාණ්ඩ ලැයිස්තුව සතොස හරහා ලබාගෙන එය සකසා සතොස නියෝජිතයෙකු සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකු සමඟ අදාල නිවසටම ලබාදීමෙන් අනතුරුව මුදල් ලබා ගන්නා බව කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය .

මේ වන විටත් ග්‍රාම නිලධාරි වසම් 02 කට අත්‍යවශ්‍ය භාණ්ඩ  ලබාදී ඇති බවත් තවත් ග්‍රාම නිලධාරී වසම් 35 ක් සඳහා ඒ ආකාරයෙන්ම භාණ්ඩ  නිවසටම ගෙනවිත් දීමට කටයුතු සිදු කරමින් පවතින බවත් ලැබෙන භාණ්ඩ ලැයිස්තු වලට අනුව සතොස ගබඩාවේ භාණ්ඩ හිඟයක් පවතින බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය .

 



අදහස් (0)

කොටපොල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 111 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 145 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site