කොංගෝ රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන යොම්බි ඔපැන්ගෝ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් මියගොස් තිබේ.
ප්‍රංශයේ පැරිස් නුවරදි ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
81 හැවිරිදි කොංගෝ හිටපු ජනාධිපතිවරයා කොරෝනා වයිරසය ආසාදනය වීමට පෙර විවිධ රෝගාබාධවලින් පීඩා විදමින් සිට ඇති බව සදහන්ය.
1977 වසරේ සිට 1979 වසර දක්වා ඔහු කොංගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
(ගාඩියන් ඇසුරෙනි )
(125)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ වෙන රටවල් වල කොරෝනා රෝගී දේශපාලනඥයන් ගැන අහන්න ලැබෙනවා, එත් කෝ අපේ අය, පේන්නවත් නැහැ, ඒ ටික හැංගිලා! එක අතකින් මේ කාලයේ හැටියට එකත් හොඳයි, ටොයිලට් එකක් විවෘත කරන්නත් සෙනග ඕන
අපේ දියවන්නාවේ මීහරක් පට්ටියටත් දැන් තුන් සරණ මතක් වෙලා ඇති නේද...? මම මෙහෙමයි රට පාවා දුන්නේ, මම මෙච්චර ගිනිවතුර බලපත්‍ර දුන්න, මම මෙච්චර ජරා වැඩ කළා, මම මෙච්චර පරිසර විනාශයට සෘජුවම දායකත්ව දුන්න.... මම මෙච්චර කැත වැඩ කළා, මම මෙච්චර රජයේ බැංකු හොරා කෑවා... වැනි එකී මෙකි නොකී සියලු බලු වැඩ මෙනෙහි කරමින් සියලු සාස්තෘවරුන්ගේ පිහිට පතනවා ඇති නේද? අම්මපා වෛරසයක් කල හදිය.... කෙසේ වෙතත් ලෝකයේ වෙසෙන සියලුම අහිංසක මිනිසුන්ට මෙම උවදුරෙන් ඉක්මනින් බේරීමට හැකිවේවා !! මාගේ මාතෘබුමියටත් යහපතක්ම වේවා !!!
චෙකප් එකකටවත් සිංගප්රුවට යන්න බැරි කාලයක් උදා වුනානේ. මෙඩින් චීනා බඩු හොඳ නැහැ කිව්වේ කවුද?
අනේ කොරෝනා බබෝ අපෙත් ඉන්නවා කට්ටිය. අහක බලාගෙන යන්නේ ඇයි?