(එම්.ආර්.ප්‍රියශාන්ත )
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා මුලු ආසාදිතයින් ප්‍රමාණය 10,404 දක්වා වැඩි වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසිය.
දිස්ත්‍රික්කය තුල කොරෝනා ආසාදනයෙන් පුද්ගලයින් 78 දෙදෙනකු මියගොස් ඇති බවත් මෙයින් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් ඇත්තේ කොවිඩ් තුන්වන රැල්ල පටන් ගැනීමෙන් පසුව බව වෛද්‍යවරයා සදහන් කර සිටී.
කෑගල්ල දිස්ත්‍රික්කය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10404 අතරින් ආසාදිතයින් 8647 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවද ඒ මහතා සදහන් කරයි.
මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩි ම ආසාදිතයින් ප්‍රමාණය දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 1632 කී. අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස වලින් පහත පරිදි ආසාදිතයින් වාර්තා වේ.
වරකාපොලින් ආසාදිතයින් 1538 ක්ද, කෑගල්ලෙන් ආසාදිතයින් 1277 ක්ද, රඹුක්කනින් 954 දෙනකුද, රුවන්වැල්ලෙන් ආසාදිතයින් 869 ක්ද, මාවනැල්ලෙන් 809 දෙනෙකුද , ගලිගමුවෙන් 738 දෙනෙකුද පිලිවලින් යටියන්තොට, අරනායක, බුලත්කොහුපිටිය හා දැරණියගලෙන් ආසාදිතයින් 744 , 653 , 621 හා 569 දෙනෙකුද වශයෙන් වාර්තා වන බව දිස්තික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කර සිටි.
කෑගල්ල දිස්ත්‍රික්කය තුල මුල් අදියර යටතේ සයිනොෆාම් එන්නත් 50000 ක එන්නත්කරණ වැඩසටහනද මේ වන විට ක්‍රියාත්මක වන බවද වෛද්‍යවරයා පැවසීය.
දිස්ත්‍රික්කය තුල කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 75209 දෙනෙකු මේ වන විට නිරෝධානය අවසන් කර ඇති බවද වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd