(තිළිණි ද සිල්වා)
රජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින්නැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව එම නිවාඩු කාලය බලපැවැත්වෙන හෙට (18) සහ (20) යන දිනයන් වල එම ස්ථාන වල සංචාරය නොකරන්නැයිද අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (17) පැවසීය.
එසේම විදේශීය සංචාරකයින් එවැනි පුරාවිද්‍යා ස්ථාන වෙත රැගෙන යාමෙන් වළකින්නැයිද සංචාරක නියෝජිත ආයතන හා සංචාරක මගපෙන්වන්නන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කීය.
පැතිරයන කොරෝනා වසංගතය හේතුවෙන් රජය ලබා දී ඇති විශේෂ නිවාඩු කාල සීමාව සම්බන්ධයෙන් දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා වෙබ් අඩවි විවෘතව තබා ගැනීමේ දුෂ්කරතා ඇති බැවින් මෙම විශේෂ උපදෙස් යාවත් කාලීන කිරීමටද නොහැකි වී ඇතැයිද හෙතෙම පැවසීය.
2025 නොවැම්බර් මස 17
19
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
864
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඓතිහාසික ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින්න