(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ පළමු වන නව කොරෝනා ආසාදිත රෝගියා අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ අකුරණ නගරය ඇතුළු අවට ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා ඇති අතර මහනුවර මාතලේ ඒ 09 මාර්ගය අඹතැන්න කුඩුගල සිට බලකඩුව දක්වා වූ කොටසද වසා තිබේ.
මේ හේතුව නිසා මාතලේ දක්වා ගමන් කරන වාහන කටුගස්තොට වත්තේගම මාර්ගය හෝ වෙනත් විකල්ප මාර්ගය ක් භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කෙසේ නමුත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වන වාහනවලට මෙම මාර්ගයේ ගමන් කිරීමට අවසර ලබා දුන්නත් අදාළ ප්‍රදේශයේ කිසිදු ස්ථානයක නැවැත්වීමට අවසර ලබා නොදෙන බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd