IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


උදයංග වීරතුංගට ඇප

( නිමන්ති රණසිංහ)
 
මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර  ගත කර සිටින ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු  තානාපති  උදයංග වීරතුංග මහතා රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
 
එම මුදල් ඇපයට අමතරව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක්ද  නියම කළේය.
 
උදයංග වීරතුංග මහතා අද අධිකරණයේ පෙනී නොසිටියේය . ඔහු මේ වන විට  අසනීප තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබයි.     



අදහස් (30)

උදයංග වීරතුංගට ඇප

Gamekolla Friday, 03 April 2020 09:32 AM

දැන් ඉතින් ඔක්කොම ගොඩ. ඔක්කොම රජවරු ...JVP එක මේක කිව. රන්ජන් මේක කිව. අන්තිමට ඒකම තමයි වුණේ... කෝ මේ වියත්තු...?

:       26       88

indika Friday, 03 April 2020 09:34 AM

තව තව දේවල් සිද්දවෙයි, බොරදියේ මාලු බානවා ආණ්ඩුව මේ වෙලාවේ

:       29       77

NishanSaturday, 04 April 2020 01:33 AM

මාළු බානවා නෙවෙයි තමුන්ගේ එකාට කර ගන්නවා. රාජපක්සලා හැමදාම කලේ ඒකයි.

:       0       2

Walter White Friday, 03 April 2020 09:37 AM

එල එල, ඔහොම යන්, යන් අර දඩ ගෙවාගන්න බැරි අයත් ඉන්නවා නේද?

:       1       28

රොෂාන් Friday, 03 April 2020 09:44 AM

එයාට හොඳ කාළයක් බලලා තමයි ලංකාවට ආවේ. දැන් ඉතිං නිදහස්

:       13       187

නන්දන Friday, 03 April 2020 02:32 PM

නැහැ මහත්තයෝ..දැන් තමයි එයාගේ නරකම කාලය.එයාගේ එක සාක්ෂියකින් රටේ ලොක්කෙක් අපරාධ නඩුවකට බෙල්ලෙන්ම අහුවෙනවා. ඒ සාක්ෂිය ඒ තරමට ප්‍රභලයි. මේ සාක්ෂිය මැරිලා නම් ලොක්කා නිදහස්. දැන් තේරෙනවනේද මම කියන දේ...? ටාගට් එක ගන්න දැන් හරි ලෙහෙසියි.

:       107       154

පිටිගල මිලානෝ Friday, 03 April 2020 09:45 AM

චන්දෙ සෑහෙන්න පරක්කු වෙයි වගේ...

:       9       153

සෙන්දේ Friday, 03 April 2020 09:46 AM

රවී කරුනානායකටත් හම්බ උනා නම් මෙය ගැන මොන කතාද... ?

:       64       315

Oshan Friday, 03 April 2020 09:54 AM

මේ ආන්ඩුව කොරෝනාව පටින් හොරකම්, මැරකම්, නොහැකියාව වහගන්න බලන්නෙ. ලගදිම කුඩුවලට සම්බන්ධ මිනීමරුවෙකුත් නිදහස් කරාවි...

:       236       757

Prabha Friday, 03 April 2020 09:57 AM

දැන් ඉතින් ලෙඩ හොදවෙවි... ඇප ලැබුණානෙ...

:       26       132

Fowzz Friday, 03 April 2020 09:58 AM

කොරෝනාට ස්තූතියි.

:       24       203

shamal Friday, 03 April 2020 10:03 AM

කොරෝනා අස්සේ වෙන දේවල්...

:       23       269

Nuwan Friday, 03 April 2020 10:10 AM

කොරෝනට ජයවේවා! පොඩ්ඩක් ඇතුලේ හිටියට පාඩු නැහැ නේද මහත්තයෝ?

:       0       255

anuruddha Friday, 03 April 2020 10:17 AM

දෙයියෝ බැලුවා.. එතුමාට තෙරුවන් සරණයි...

:       209       62

rathnasiri Friday, 03 April 2020 10:18 AM

එලියට ගන්න ලස්සනට ප්ලෑන් කළා. නැන්දගේ පුතානේ. ඔහොම ගිහින් එකපාරටම නඩුව විසි කරයි... සාක්ෂි නැහැ කියලා. රටේ ජනතාවගේ සල්ලි හොරකම් කරපු අය මැරෙන්න කලින් ලෝකයේ තියෙන සියලුම රෝගවලින් දුක් විඳලා විඳලා මැරෙන්නේ. ඒ වගේමයි මොවුන්ගේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ඔය ශාපය පල දෙනවා. නන්නාදුනන තුවක්කුකරුට මෙන්න අවස්ථාවක්... දැන් ඉතින් ලස්සනට ගන්න ටාගට් එක ගස්සන්න කොකා ..

:       55       1010

Nadeeka Friday, 03 April 2020 10:23 AM

උසාවිය ඇරල දුන්නු එකම කොච්චර දෙයක්ද? පොලිසිය අදවත් කරුණු දැක්‌වුවාද දන්නේ නෑ, බදු ගෙවන මහජනතාවට දෙවි පිහිටයි...

:       0       260

පවන් Friday, 03 April 2020 10:26 AM

කොහොමද හිනාව...? කාටද හිනාවෙන්නේ කියලා කියමු බලන්න?

:       11       145

de silva Friday, 03 April 2020 11:07 AM

අපරාදේ.... ඇදිරිනීතිය තිබුනේ නැතිනම් මේ මිනිහට මල්මාලා දමල පිළිගන්න යන හොර දෙටුවන්ගේ පෙරහැර බලන්න තිබුණා...

:       0       341

සෑම් Friday, 03 April 2020 11:57 AM

කොහොමද ට්කිරි මොලේ? ඔහොම යන් තව ඇතුලේ ඉන්නවා කට්ටිය එලියට එන්න බලාගෙන. මොවුන් කොරෝනා එකෙනුත් වැඩ ගන්නවා. මොවුන් සුනාමියෙනුත් බේරුනා. යුද්ධෙනුත් බේරුනා අඩුගානේ කොරෝනාවෙන් හරි දෙවියෝ බලාගත්තොත් රටේ ජාතික ධනය මේවගේ අයගෙන් බේරාගන්න ලැබෙනවා. අද රටේ මිනිස්සු කන්න නැතුව සාගතයෙන් පෙළෙන්නේ හොරා කාපු නිසා.

:       70       570

rathnasiriFriday, 03 April 2020 01:37 PM

ප්‍රශ්නයක් නැහැ සෑම්. මේ දුප්පත් රටේ රට වැසියන්ගේ මුදල් කොල්ලකාපු සියලුම හොරු මැරෙන්න කලින් පනුවෝ ගහලයි... මැරෙන්නේ. ඔවුන් නොවිඳිනා දුක් විඳලා විඳලා පනුවෝ ගහලා මැරෙන්නේ.

:       0       99

රවින් Friday, 03 April 2020 12:21 PM

අසනීපයි කියලා ගෙවන වාට්ටුවේ ඉඳගෙන කෙකර බානකොට හිතුවා නිදහස් බිත්තරේ දායි කියලා. ඔහොම යමුකෝ. බුද්ධ වචනයේ තියෙනවා නේද දුර්භික්ෂ බිය, වසංගත බිය වගේ විනාශයන් ලෝකෙට එන්න දුර්ජනයන්ගෙන් ලෝකයා ගලවාගන්න කියලා. ඉවසලා බලමුනේද බුද්ධවචනය බොරුද කියලා... එහෙම කලොත් හොඳයි නේද?

:       0       11

Rata Perata Friday, 03 April 2020 12:29 PM

වැඩ කරන විරුවා ලස්සනට වැඩේ කරගෙන යනවා වගේ.... දැන්වත් තේරෙනවද දන්නේ නෑ.

:       0       44

Ahamed Friday, 03 April 2020 12:53 PM

නොමිනේෂන් නැත්නම් ජාතික ලැයිස්තුවෙන් දුන්නොත් තමයි වැඩේ සම්පූර්ණ වෙන්නෙ....

:       0       56

Dayan Friday, 03 April 2020 01:03 PM

හැට නම ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් මල් පලාගෙන තිබේ. ජයවේවා!

:       0       36

raniSaturday, 04 April 2020 09:40 AM

හැටනම ලක්ෂයක්වුන මෝඩ,ගෝත්‍රිකයින්ගේ අපේක්ෂාවන් මල්පල හටගෙන දැන් ගෙඩිත් හැදී ඇත. දැන් ඉතිරිවෙලා තියෙන්නේ මවු ගස ක්‍රමයෙන් මරණයට පත්වීමයි...

:       0       1

de silva Friday, 03 April 2020 01:24 PM

කට්ටියක් සුනාමියෙන් ගොඩ ගියා , මොහු කොරෝනාවෙන් ගොඩ ගියා , දේශපාලකයන්ගේ බොරු පොරොන්දු වලට රැවටෙන අපි හැමදාම වලේ , රට දුප්පත් , දේශපාලකයන් සහ උන්ගේ පවුල් සල්ලි උඩ පිහිනනවා

:       0       19

Kasun Sunday, 05 April 2020 11:45 AM

අනිවා සහෝදරයා ...

:       0       1

Thusitha Friday, 03 April 2020 01:24 PM

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතානෙ නිදහස් කරලා තියෙන්නේ. ඒ දවස් වල හෙන අවංක විනිශ්චයකරුවෙක් කියලානේ කිව්වේ. මට තේරෙන්නේ නැත්තේ මොකද රාජපක්ෂලාට බනින්නේ කියලා...

:       85       5

lalithm Friday, 03 April 2020 01:45 PM

අපි ඕවට වැඩිය ප්‍රතිචාර දක්වන්න ඕනේ නැහැ. අපරාධ කරලා තිබෙනවා නම් මොනවා නැතත් තමන්ගේ හිත එයින් විඳවනවා. ඒ වගේම ස්වාභාවිකවම දඬුවම් ලැබෙනවා. සමාජයෙන් කොන් වෙනවා. ලෙඩ දුක් හැදෙනවා. විඳවල මැරෙනවා!!! මල් මාලා දමා ගෙන යන බොහෝ දෙනෙක්ගේ අතීත කතා වස්තු සමාජයේ පැතිරෙනවනේ?

:       0       60

විපරමා Friday, 03 April 2020 08:03 PM

පහුගිය කාලේ හැංගි මුත්තන් කර කර වෙලාවට ලංකාවට ආවා. අපි නම් දැනගෙන හිටියා... මෙයා කොයි වෙලේ හරි එලියට පෙනගන්න බව...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 413 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2186 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site