( නිමන්ති රණසිංහ)
මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
එම මුදල් ඇපයට අමතරව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කළේය.
උදයංග වීරතුංග මහතා අද අධිකරණයේ පෙනී නොසිටියේය . ඔහු මේ වන විට අසනීප තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඔක්කොම ගොඩ. ඔක්කොම රජවරු ...JVP එක මේක කිව. රන්ජන් මේක කිව. අන්තිමට ඒකම තමයි වුණේ... කෝ මේ වියත්තු...?
තව තව දේවල් සිද්දවෙයි, බොරදියේ මාලු බානවා ආණ්ඩුව මේ වෙලාවේ
එල එල, ඔහොම යන්, යන් අර දඩ ගෙවාගන්න බැරි අයත් ඉන්නවා නේද?
එයාට හොඳ කාළයක් බලලා තමයි ලංකාවට ආවේ. දැන් ඉතිං නිදහස්
චන්දෙ සෑහෙන්න පරක්කු වෙයි වගේ...
රවී කරුනානායකටත් හම්බ උනා නම් මෙය ගැන මොන කතාද... ?
මේ ආන්ඩුව කොරෝනාව පටින් හොරකම්, මැරකම්, නොහැකියාව වහගන්න බලන්නෙ. ලගදිම කුඩුවලට සම්බන්ධ මිනීමරුවෙකුත් නිදහස් කරාවි...
දැන් ඉතින් ලෙඩ හොදවෙවි... ඇප ලැබුණානෙ...
කොරෝනාට ස්තූතියි.
කොරෝනා අස්සේ වෙන දේවල්...
කොරෝනට ජයවේවා! පොඩ්ඩක් ඇතුලේ හිටියට පාඩු නැහැ නේද මහත්තයෝ?
දෙයියෝ බැලුවා.. එතුමාට තෙරුවන් සරණයි...
එලියට ගන්න ලස්සනට ප්ලෑන් කළා. නැන්දගේ පුතානේ. ඔහොම ගිහින් එකපාරටම නඩුව විසි කරයි... සාක්ෂි නැහැ කියලා. රටේ ජනතාවගේ සල්ලි හොරකම් කරපු අය මැරෙන්න කලින් ලෝකයේ තියෙන සියලුම රෝගවලින් දුක් විඳලා විඳලා මැරෙන්නේ. ඒ වගේමයි මොවුන්ගේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ඔය ශාපය පල දෙනවා. නන්නාදුනන තුවක්කුකරුට මෙන්න අවස්ථාවක්... දැන් ඉතින් ලස්සනට ගන්න ටාගට් එක ගස්සන්න කොකා ..
උසාවිය ඇරල දුන්නු එකම කොච්චර දෙයක්ද? පොලිසිය අදවත් කරුණු දැක්‌වුවාද දන්නේ නෑ, බදු ගෙවන මහජනතාවට දෙවි පිහිටයි...
කොහොමද හිනාව...? කාටද හිනාවෙන්නේ කියලා කියමු බලන්න?
අපරාදේ.... ඇදිරිනීතිය තිබුනේ නැතිනම් මේ මිනිහට මල්මාලා දමල පිළිගන්න යන හොර දෙටුවන්ගේ පෙරහැර බලන්න තිබුණා...
කොහොමද ට්කිරි මොලේ? ඔහොම යන් තව ඇතුලේ ඉන්නවා කට්ටිය එලියට එන්න බලාගෙන. මොවුන් කොරෝනා එකෙනුත් වැඩ ගන්නවා. මොවුන් සුනාමියෙනුත් බේරුනා. යුද්ධෙනුත් බේරුනා අඩුගානේ කොරෝනාවෙන් හරි දෙවියෝ බලාගත්තොත් රටේ ජාතික ධනය මේවගේ අයගෙන් බේරාගන්න ලැබෙනවා. අද රටේ මිනිස්සු කන්න නැතුව සාගතයෙන් පෙළෙන්නේ හොරා කාපු නිසා.
අසනීපයි කියලා ගෙවන වාට්ටුවේ ඉඳගෙන කෙකර බානකොට හිතුවා නිදහස් බිත්තරේ දායි කියලා. ඔහොම යමුකෝ. බුද්ධ වචනයේ තියෙනවා නේද දුර්භික්ෂ බිය, වසංගත බිය වගේ විනාශයන් ලෝකෙට එන්න දුර්ජනයන්ගෙන් ලෝකයා ගලවාගන්න කියලා. ඉවසලා බලමුනේද බුද්ධවචනය බොරුද කියලා... එහෙම කලොත් හොඳයි නේද?
වැඩ කරන විරුවා ලස්සනට වැඩේ කරගෙන යනවා වගේ.... දැන්වත් තේරෙනවද දන්නේ නෑ.
නොමිනේෂන් නැත්නම් ජාතික ලැයිස්තුවෙන් දුන්නොත් තමයි වැඩේ සම්පූර්ණ වෙන්නෙ....
හැට නම ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් මල් පලාගෙන තිබේ. ජයවේවා!
කට්ටියක් සුනාමියෙන් ගොඩ ගියා , මොහු කොරෝනාවෙන් ගොඩ ගියා , දේශපාලකයන්ගේ බොරු පොරොන්දු වලට රැවටෙන අපි හැමදාම වලේ , රට දුප්පත් , දේශපාලකයන් සහ උන්ගේ පවුල් සල්ලි උඩ පිහිනනවා
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතානෙ නිදහස් කරලා තියෙන්නේ. ඒ දවස් වල හෙන අවංක විනිශ්චයකරුවෙක් කියලානේ කිව්වේ. මට තේරෙන්නේ නැත්තේ මොකද රාජපක්ෂලාට බනින්නේ කියලා...
අපි ඕවට වැඩිය ප්‍රතිචාර දක්වන්න ඕනේ නැහැ. අපරාධ කරලා තිබෙනවා නම් මොනවා නැතත් තමන්ගේ හිත එයින් විඳවනවා. ඒ වගේම ස්වාභාවිකවම දඬුවම් ලැබෙනවා. සමාජයෙන් කොන් වෙනවා. ලෙඩ දුක් හැදෙනවා. විඳවල මැරෙනවා!!! මල් මාලා දමා ගෙන යන බොහෝ දෙනෙක්ගේ අතීත කතා වස්තු සමාජයේ පැතිරෙනවනේ?
පහුගිය කාලේ හැංගි මුත්තන් කර කර වෙලාවට ලංකාවට ආවා. අපි නම් දැනගෙන හිටියා... මෙයා කොයි වෙලේ හරි එලියට පෙනගන්න බව...