ඉකුත් පැය 24ක කාලයේදී කොරෝනා මරණ 129 වාර්තා වන්නේ යැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය අද (22) නිවේදනය කළේය.
ඒ අනුව ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 1,685 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 21,638ක් දක්වා ඉහළ ගොස් ඇත.
"පසුගිය පැය 24දී තවත් කොරෝනා ආසාදිතයන් 1,028 දෙනකු වාර්තා වුණා. මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන්ගෙන් 7,913 දෙනකු සුවය ලබා තිබෙනව" යැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කයිනුෂ් ජහන්පූර් පැවැසීය.
නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති මැද පෙරදිග රට බවට පත්ව ඇත්තේ ද ඉරානයයි.
රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd