ඉරානයේ කිරීටක වයිරසය පැතිරීම වැළැක්වීමට උදව් කිරීමට ඇමරිකාවට අවශ්‍ය නම් ඔවුන් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව ඉරාන ජනාධිපති හසන් රුහානි පවසයි.
වොෂින්ටනයේ මානුෂීය ආධාර පිළිගැනීමට ඉරානයේ කිසිදු අදහසක් නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
"ඇමෙරිකානු නායකයන් බොරු කියනවා. ඔවුන්ට ඉරානයට උදව් කිරීමට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ සම්බාධක ඉවත් කිරීම පමණයි. එවිට අපට කොරෝනා වයිරසය පැතිරීම සමඟ සටන් කළ හැකියි" යනුවෙන් රුහානි පැවසීය.
කොරෝනා වයිරසයෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 1,812 දක්වා ඉහළ ගොස් ඇති අතර නව මරණ 127 ක් සිදුව තිබේ.
වයිරසයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති ඉරානයේ, මේ වනවිට ආසාදිත පුද්ගලයින් 21,000 කට අධික සංඛ්‍යාවක් සිටින අතර සෑම මිනිත්තු 10 කට වරක් එක් පුද්ගලයෙකු මිය යන බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව කියන්නේ පුදුම සක්කිලි ජාතියක්.. තමන්ගෙම රටෙ වයිරස් ආසාදනය වුණු මගින්ව බාර නොගත්ත රටක්... අවසානයේදී කියුබාව විසින් කිසිම කියුබානුවෙක් නැති සියලු දෙනාම බාරගත්තා.
ඉරානය කියන්නේ ලෝකයම රුවටීමට උත්සාහ ගන්න රටක් බව මෙ පුවතින් පැහැදිලිව පේනවා. මානුෂික හේතුන් මත ඇමරිකාව දෙන ආධාර ඔවුන් බාරනොගන්නේ එමගින් ඉරානයේ න්‍යෂ්ඨික අවි නිපදවීමට අපහසුවන නිසයි.
තම රටේ මියයන අහිංසක මිනිසුන් ගැන හිතනවා නම් ඉරානය කල යුත්තේ සම්බාධක ගැන කතා කරකර ඉන්නවට වඩා මොන රටින් ලැබෙන අධාරය හරි අරගෙන මියයන ගණන අඩු කර ගැනීමයි. මෙය දේශපාලනය කරන වෙලාවක් නොවෙයි.