IMG-LOGO

ඉන්දියාවේ සිටින ලාංකිකයින් සිව් දෙනෙකුටත් කොරෝනා

ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකුටද  කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.
  
මෙලෙස එම වයිරසය ආසාදනය වී ඇත්තේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයට අයත් නුහා දිස්ත්‍රික්කයේ රැදී සිටි ලාංකික පිරිමි පුද්ගයින් සිව් දෙනෙකුටය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී තබ්ලිගි ජමාත් නැමැති ආගමික  නිකාය මඟින් ඉකුත් මාර්තු මාසය පුරා  පැවැත්වූ මෙම අගාමික උත්සවයට මෙම ලාංකිකයින්  සහභාගී වී ඇති අතර එහිදී මෙම  වයිරසය ආසාදනය වී ඇතියි එරට සෞඛ්‍ය අංශ තහවුරු කර ගෙන ඇතැයිද හින්දුස්තාන් ටයිම්ස් වාර්තා වේ වැඩිදුරටත් සදහන් වේ.
 
මෙම ලාංකිකයින් සිව් දෙනා නවදිල්ලියේ පැවති ආගමික උත්සවයට සහභාගී වීමෙන් පසු නුහා දිස්ත්‍රික්කයේ පල්ලා සහ රෙහ්නා නැමැති ගම්මාන දෙකේ පුද්ගලයින් කිහිප දෙනෙකුම සමීප ලෙස ඇසුරු කර ඇති බවට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් කරුණු තහවුරු කර ගෙන ඇතැයිද , එබැවින් එම පිරිස් නිරෝධායනයට යොමු කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇත.
 
මොවුන් මාර්තු මස මුලදී ඉන්දියාවේ. නවදිල්ලි අගනුවර  පැවැත්වුණු මෙම අගාමික සභාව සඳහා සහභාගී වූ. අතර ඉන්පිදියාව දවස් 21ක අගුලු දැමීමත් සමඟ එම පල්ලිය තුළ සිර වී සිටියහ.

ඉන්දීය බලධාරීන්  පවසන්නේ ඔවුන් සමාජ දුරස්ථභාවය අනුගමනය නොකිරීම නිසා වෛරසය පැතිර ගොස් ඇති බවය.

මෙම ආගමික උත්සවයට සම්බන්ධ වූ කොරෝනා ආසාදිතයන් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලින් වාර්තා වෙමින් පවතින අතර එය තුන්සියයකට අධික බව හින්දුස්තාන් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්දියාවේ අද ( 07) සවස වන විට රෝගීන් 4421  ක් වාර්තා වී ඇති අතර මරණ 115 ක් වාර්තා වී තිබේ.

125



අදහස් (1)

ඉන්දියාවේ සිටින ලාංකිකයින් සිව් දෙනෙකුටත් කොරෝනා

de silva Tuesday, 07 April 2020 11:05 AM

ඉන්දියාවේ ගිහින් එහෙත් ගිනි තියලා තිබෙන්නේ ලංකාවම ගිනිතියපු ජනවර්ගයම තමා.මේ මිනිස්සුන්ට පිස්සුද ?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 528 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site