(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා අද (25) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙම සිසුන් ඉන්දියාවේ උසස් අධ්‍යාපන කටයුතු සදහා එරටට ගොස් තිබූ අතර , කොවිඩ් - 19 වසංගත රෝගය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාව තුළ කොටු වී තිබේ.
ඔවුන් මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය අද (25) දින උදෑසන 9.10 ඉන්දියාවේ මුම්බායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
මෙම ගුවන් යානය දහවල් 11.30 ට ඉන්දියාවේ මුම්බායි වෙත ළගා වීමට නියමිතය .
මෙම ගුවන් යානය තුළ ඉන්දියාව වෙත රැගෙන යන භාණ්ඩ තොගයක් ද තිබූ අතර , මෙම ගුවන් යානයෙහි ගුවන් නියමුවන් දෙදෙනා සමගින් කාර්යය මණ්ඩලය හැර වෙනත් කිසිදු ගුවන් මගියෙකු නොවීය .
මෙම ගුවන් යානය දහවල් 2.55 ට මෙම සිසුන් පිරිස රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ප්‍රචාරය වෙන්නේ මෙම ක්‍රියාවලිය රජයේ වියදමෙන් සිදුකරන දෙයක් ලෙසට වුණත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කර ඇති ලිපියක් සමඟ මේ ගැන අන්තර් ජාලයේ ඇති වාර්තාවකින් කියන්නේ මෙලෙස ඉන්දියාවේ සිට රැගෙනඑන එක පුද්ගලයෙකුගෙන් රුපියල් 1,30000 කට ආසන්න මුදලක් අයකර ගන්නා බවයි. ශ්‍රී ලන්කන් ලිපියෙහි එම මුදල් ගෙවිය හැකි ආකාරයද පැහැදිලි කර තිබෙනවා.
රුපියල් කෝටි ගණනින් ලංකාවට විදේශ විනිමය ගෙන එන්නාවූ මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් එන්නේ කවදාද?