ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21,393ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (23) පස්වරුවේ නිවේදනය කළේය.
ඒ අනුව අද (23) පස්වරු 4න් අවසන් වූ පැය 24ක කාලයේදී එරටින් හමු වූ ආසාදිතයන්ගේ ගණන 1,409ක් ලෙස සටහන් විය.
කොරෝනා වයිරසය ආසාදනය වූ 4,258දෙනකු සුවය ලබා ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 16,454ක් යැයි ද එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 681ක් යැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ අතර ඉන්දියාවේ අසල්වැසියා මෙන්ම ප්‍රබලම ප්‍රතිවාදියා වන පාකිස්තානයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන ඊයේ පස්වරු වනවිට දසදහස ඉක්මවා ගොස් තිබිණි.
එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 10,811ක් ලෙස වාර්තා වූ අතර එරටින් වාර්තා වන මරණ ගණන 226ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 2,337ක් යැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබිණි.
අද දිනයේදී පමණක් කොරෝනා ආසාදිතයන් 1,037 දෙනකු වාර්තා වූ බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව සිංගප්පූරුවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,178ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව ආසාදිතයන්ගෙන් වැඩිදෙනා සංක්‍රමණික සේවකයන් යැයි සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සංක්‍රමණිකයන් රැඳී සිටින ප්‍රදේශ ද නිරෝධායනය කළ යුතු යැයි සිංගප්පූරු ආණ්ඩුවේ නියෝග කර ඇත.
එන්.ඩී.ටීවී./ඩෝන්/අල් ජසීරා
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 21,000 පනී