ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ බිරිඳ වන සවිතා කෝවින්ද් මහත්මිය ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා මර්දනට සටනට එක්වෙමින් මුඛ ආවරණ මැසීම ආරම්භ කර ඇත.
ජනපති වතුයායේ තිබෙන ‘ශක්ති හාත්’ හි සිටිමින් ඇය එලෙස මුඛ ආවරණ මැසීම ආරම්භ කර තිබෙන අතර දිල්ලියේ නිවාස අහිමි හා අවවරප්‍රසාදිත පිරිස් අතරේ බෙදා දීමට නියමිතය.
සවිතා කෝවින්ද් මහත්මිය රතු පැහැති රෙදි කඩකින් සකසා ගත මුඛ ආවරණයක් පැළැඳ මුඛ ආවරණ මැසීමේ නිරත වී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ඉන්දීය මාධ්‍ය ඊයේ (22) ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව එක්ව සටන් වැදිය හැකි බවත් සියලු දෙනාටම යමක් කළ හැකි බවත් මුඛ ආවරණ මැසීමේ නිරත වීමෙන් ඉන්දීය ජනපති ආර්යාව පණිවුඩයක් ලබා දී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළැඳීමට අමතරව සමාජ දුරස්ථභාවය ඇතුළු තවත් සෞඛ්‍යාරක්ෂිත පියවර ගත යුතු සෞඛ්‍ය විශේෂඥයෝ නිර්දේශ කර ඇත.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ මුඛ ආවරණයක් කිහිපයක් පොදුවේ භාවිතයට ගැනිණි. රෙදි මුඛ ආවරණ, ස්ථර තුනකින් සමන්විත සායනික මුඛ ආවරණ සහ එන්95 ස්වසන මුඛ ආවරණ බහුලව භාවිතයට ගැනිණි.
එන්.ඩී.ටීවී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් ෂෝ..
අපෝ "ෂෝ" කියන්න එපා ඒ වැඩේට. දැක්ක නේද එම ආර්යාව පැරණි තාලේ අත් මැෂින් එකකින් සිය රටේ ජනතාව වෙනුවෙන් මුඛ ආවරණ මැසීම කරන හැටි ? අපේ රටෙත් එහෙම ආර්යාවන් දුසිම් ගණන් හිටියත්, එවැනි ජනහිතකාමී වැඩක් කරන එකම පින්තුරයක්වත් තවම නම් එකම පුවත්පතක හෝ විද්‍යුත් නාලිකාවක අප දැක නැත. දැන්වත් "එකට නැගිටිමු" කියා අපේ මැතිණියන් අවදි කරමු නේද ?
ඒකටත් එක්ක මෙහෙ ඉන්න ආර්‍යාවෝ ගැන කවර කතාද ?
අපෝ මේ වෙලාවෙ තවත් වසංගතයක් එලියට ගන්න එපා. අපිට ඔය මැතිනියන්ගෙ නාඩගම් බලන්න ඕන නැ. ඔය ඉන්න විදිහට එයාලා මාලිගා වල සැතපුනාවෙ. නාලිකා ටික එයාලා පස්සෙ ගිහාම දුප්පතාගෙ පනිවිඩ පෙන්නන්නෙ කවුද .
අපේ කට්ටිය ඉන්නේ එක්කෝ නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්නයි, පීත්ත පටි කපන්නයි, මල් බොකේ පිළිගන්නැයි විතරයි.