
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 4,825 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (21) දිනයේදී පමණක් 793 දෙනකු මියගිය බව ඉතාලි බලධාරිහු පවසති.
එම සංඛ්‍යාවත් සමඟ එක ළඟ දින දෙකකදී ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව පිළිවෙළින් 600 සහ 700 ඉක්මවා ගියේය. සිකුරාදා දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 627ක් වාර්තා විය.මේ අනුව අසමස්ත මරණ ගණන 4,825 ඉහළ ගියේය.
ඉතාලිය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ වනවිට සති හතරක් වන අතර එම කාලය තුළ දී වැඩිම මරණ ගණනක් වාර්තා වූ දිනය ලෙස ඊයේ දිනය සටහන් විය.
ඉතාලියේ මරණ ගණන වැඩි වීමත් සමඟ කොරෝනා වයිරසය හේතුවෙන් යුරෝපයෙන් වාර්තා වන මරණ ගණන 5,000 ඉක්මවා ඇතිදිනයේදී සමස්ත මරණ ගණන 12,000 ඉක්මවා ගොස් ඇත.
රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ පවතින රෝහ වල ධාරිතාවයට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් රෝහල් ගත වී සිටින බැවින් ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගීන්ට පවා මියයාමට සිදු වී ඇත. මෙය බෙහෙවින් අවාසනාවන්ත තත්වයකි. ශ්‍රී ලාංකික ජනතාවගේ ද පරම වගකීම වන්නේ රෝගය පැතිරීමට ඉඩ නො දී රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුකර ගැනීමට සහාය වීමයි.
ගුවන් තොටුපොල වසන කාලය තවදුරටත් දීර්ඝ කිරීමෙන් සහ ඇඳිරි නීතිය ලිහිල් නොකර දිගටම පවත්වාගෙන යාමෙන් මේ උවදුර මැඩපැවැත්වීම අත්‍යවශ්‍ය වී තිබේ. බලධාරීන්ගේ අවධානය යොමුවෙත්වා. නැත්නම් ඉතාලියේ වගේ අපට කඳුළු සලන්නට සිදුවිය හැකිය.