කොරෝනා වයිරසය දරුණු ලෙස හානියට පත්වූ ඉතාලියේ ලොම්බාර්ඩි කළාපයේ සේවය කිරීම සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් පිරිසක් යැවූ බව කියුබාව පවසයි.
ඒ අනුව 140 දෙනකුගෙන් යුත් හදිසි සේවා කණ්ඩායමක් යවා ඇති අතර මෙය එලෙස කියුබාවෙන් ඉතාලියට වෛද්‍ය කණ්ඩායමක් යැවූ පළමු අවස්ථාව බව සඳහන් වේ.
මෙය, විදේශයන්හි පැතිරෙන රෝග මැඩපැවැත්වීම සඳහා මෑත කාලයේ කියුබාව යැවූ හයටන වෛද්‍ය කණ්ඩායමයි.
ඔවුහු පසුගිය කාලයේ වෙනිසියුලාව, නිකරගුවාව, ජැමෙයිකාව, සුරිනාම් සහ ග්‍රෙනාඩා වෙත වෛද්‍ය කණ්ඩායම් යවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd