මොනෑකෝ (ඒ.එෆ්.පී.)
මොනෑකෝ රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන II වන ඇල්බට් කුමාරයාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මොනෑකෝහි රාජ්‍ය නිවේදනයකින් කියැවේ. කෙසේ වෙතත් කුමාරයාගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමක නැතැයි ද එම නිවේදනයෙන් කියැවේ. මධ්‍යධරණී මුහුද ආසන්නයේ පිහිටි මෙම ප්‍රාන්ත රාජ්‍යයේ නාම මාත්‍රික රාජ්‍ය නායකයා සිය පුද්ගලික නිවසේ සිට රාජකාරි කටයුතු කරනු ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වූ පළමු රාජ්‍ය නායකයා ඇල්බට් කුමරුන්ය.
ඇල්බට් කුමාරයාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වූයේ මොනෑකෝහි අගමැතිවරයා වන සර්ජි ටෙලේ මහතාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමෙන් දින තුනකට පසුවය.
නවතම තත්ත්වය යටතේ මොනෑකෝහි සියලුම ප්‍රසිද්ධ ස්ථාන ඊයේ (සෙනසුරාදා) සිට වසාදමා තිබේ. මේ වන විට මොනෑකෝ රාජ්‍යයේ 10 දෙනකුට වයිරසය ආසාදනය වී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇල්බට් කුමාරයාටත් කොරෝනා
de silva Friday, 20 March 2020 09:20 AM
ඔය කියන රට අපේ ගාල්ල නගරයටත් වැඩිය කුඩා රටක් ,