කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට මරණ 51,017 ක් වාර්තා වී ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි.
මේ වන විට එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 890,524 කි.
ඒ අනුව ලොව වැඩිම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට අමෙරිකාව වෙයි.
ගතවූ පැය 24 තුළ එරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇත.
වැඩිම මරණ සංඛ්‍යාව නිව්යෝක් නගරයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 16,646 ක් වේ.
කෙසේ වෙතත් වෛරසයට අදාළ කටයුතු වෙනුවෙන් පත් කර ඇති ධවල මන්දිරයේ කාර්ය සාධක බලකාය අවධාරණය කළේ අමෙරිකාවේ මරණ අනුපාතය බොහෝ යුරෝපීය රටවලට වඩා තවමත් පහළ මට්ටමක පවතින බවයි.
මේ අතර ජෝර්ජියාව, ඇලස්කාව සහ ඔක්ලහොමා යන ප්‍රදේශවල ඇතැම් ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.
අමෙරිකාවේ ජනගහනය මිලියන 330 ක් පමණ වන අතර එම සංඛ්‍යාව වෛරසයේ වැඩිම බලපෑමට ලක්වූ ස්පාඤ්ඤය හා ඉතාලිය වැනි රටවලට වඩා ඉතා ඉහළය.
-226-
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවෙ උගතෙකුට මුදල් දී වයිරසය හදාගෙන චීනයට ගෙනගොස් වඩාත් බලවත් කළා... ඇමෙරිකානු පරිසරයේ නිපදවූ දෙයක් බැවින් එම වයිරසය ඇමෙරිකාවට කොරෝනා හානිය වැඩි වගෙයි පෙනෙන්නට තියෙන්නේ..
සියලු දෙනාටම නිවන් සුව පතමි....
සියලු දෙනාට නිවන් සුව පතමි...
සියලු දෙනාට නිවන් සුව පතමි.
අරය ලොක්ක වුණා නම් ඇමරිකන් විදිහට කොරෝන නැතිකරන්න ගිහිල්ලා අපේ මරණ ගණන 50000 පන්නයි.
දාස චීනය ගැන නොදන්නවට හැමෝම ඒ බව දන්නවා