මලීෂා ගුණවර්ධන
කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය මැයි මස 4 වැනිදා උදැසන 5 දක්වා දිර්ඝ කර තිබේ.
අනිකුත් දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය අපෙු්ල් 27 වැනිදා උදැසන 5 ට ඉවත් කර නැවතත් එදිනම රාත්‍රි 8 පනවනු ලැබේ.
ඉන් අනතුරුව අනෙකුත් දිස්ත්‍රික් වලට ඇදිරිනිතිය මැයි 1 වැනිදා දක්වා පනවනු ලබනුයේ රාත්‍රි 8 සිට පසුදා උදැසන 5 දක්වා පමණි.
COMMENTS
මෙහෙම දිගටම ඇදිරි නීතිය දාගෙන, සල්ලි අච්චු ගගහ මිනිස්සුන්ට බෙද බෙද තව වැඩි කාලයක් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බව පාලකයන්ට වැටහේවා....
ජුනි 20 වෙනකොට සති 5ට වඩා තියෙනවා.. ප‍්‍රචාරණ වැඩවලට...!!!
කොහොමද ජන්දේ තියන්නේ...?
එකපාරම දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන්නකෝ...
බැසිල් මහත්තයා සනීපෙන් ඇති නේද ...? උන්නැහේට දැන් ඔය හම්බු වෙච්චි ආධාර එහෙම බෙදලා එපාවෙලා ඇත්තේ ...අනේ අහිංසකයා අපහු ඉතින් මේ ටිකේ හරි හම්බ කර ගත්තු ඒවත් අරන් මැණිකේ එහෙම බලන්න යන්නත් එපාය ...!! අනේ මේ පාර යනකොට අර ගිය පාර ගියා වගේ සාටකේ ගලවලා යන්න එපා. අපි ඉතින් ඔහෙලා දෙන 5000 අරගන්න ඔහෙලා අහන 1000 ප්‍රශ්න වලට උත්තර දෙන්නත් එපාය ...? අනික ඉතින් ඒ පන්දහෙන් ගත්තු බදු මුට්ටු තියාගන්න අපේ ගෙවල් වල ඉඩක් නැහැ. අපිනේ දුක් විඳින්නේ කන්න බොන්න සල්ලි නැතුව ...? තව ඇඳිරි නිතිය දික් කොරලා අපිට ආතල් දෙන්න...
මේ ඇඳිරි නීතිය ඉවත් වෙයි කියලා පුල පුලා බලා සිටිය 22 හා 27 වෙනි දවස් වල. දැන් මැයි 4 ලු. දැන්නම් ඉතින් අපිටත් එපා වෙමින් යන්නේ මේ වැඩේ. ඇඳිරි නීතිය දාලා අත්‍යාවශ්‍ය සේවා කියලා ගහගෙන කොල්ලොයි බල්ලොයි සේරම පාරේ. හදිස්සියකට වැඩිහිටියෙකුට බඩු ටිකක්, බෙහෙත් ටිකක් ගන්න යන සාමාන්‍ය මිනිහට තමයි සේරම කරදර තියෙන්නේ.
ඔක්කොම නීති අහිංසක ජනතාවට විතරයි. දේශපාලුවෝ සහ උන්ගේ ඇම්බට්ටෝ කිසි කරදරයක් නැතුව ඇවිදිනවා.