(මනෝප්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන්)
කොරෝනා වසංගතය පැතිරයෑම වැළැක්වීම සඳහා පසුගිය 20 වැනිදා සිට පනවන ලද ඇඳිරිනීතීය කඩකළ පුද්ගලයින් 2262 දෙනෙකු දිවයිනේ විවිධ පොලිස්ථාන වලින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පැතිර යන වසංගත රෝගයකින් ජන සමාජය ආරක්‍ෂාකර ගැනීම සඳහා පසුගිය 20 වැනිදා සිට ඇඳිරිනීතීය පනවන ලද අතර එලෙස පනවන ලද ඇඳිරිනීතීය පසුගිය 24 වැනිදා උදෑසන 6.00 දක්වා බලපැවැත්වුණු දින හතරක කාලය තුළදී ඇඳිරිනීතීය කඩකරමින් මංමාවත්වල නිකරුණේ ගැවසුණු හා වාහන වලින් ගමන්ගත් පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඇඳිරිනීතීය කඩකරමින් වාහන වලින් ගමන් කිරීමේදී යතුරු පැදි, ත්‍රීරෝද රථ, ඇතු`ථ වාහන 579 ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වන අතර ඇඳිරිනීතීය කඩකළ පුද්ගලයින් අදාළ පොලිස්බල ප්‍රදේශවල අධිකරණයන්ට ඉදිරිපත් කොට නීතීමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලිසිය කටයුතු කරයි.
ඇඳිරිනීතීය කඩකරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක්ව මත්පැන් පානය කළ පිරිසක්ද, බීමත්ව අශෝභන ලෙස හැසිරුණු පිරිසක්ද, වෙළඳාම් කළ පිරිසක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇඳිරි නීතිය කඩ කළ 2262ක් අත්අඩංගුවට
Raveendra Tuesday, 24 March 2020 04:24 AM
අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාලකන්නින් කූඩුකර නඩත්තු කරනවාට වඩා මේ අවස්ථාවේ " මුන්ගෙන් " පිරිසිදු කිරීම්, භාණ්ඩ ප්‍රවාහනයට කම්කරුවන් ලෙස යොදාගැනීම වැනි අත්‍යඅවශ්‍ය වැඩ සදහා යොදාගන්න ලෙසය. එලෙසම අත්අඩංගුවට ගත වාහන මෙම අවදානම් අවස්ථාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සඳහා යොදාගන්නා ලෙසද අප යෝජනා කරන්නෙමු. එය තමයි මෙවන් තකතීරුවන්ට දිය හැකි හොඳම දඬුවම යන්න අපගේ අදහසයි.