(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් තිදෙනකු ඊයේ (16) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 16,419 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය තිදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය දෙදෙනකු සහ එක් කාන්තාවක් මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.