බිමල් ෂ්‍යාමන් ජයසිංහ
ඇදිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම් බලා යාමට නොහැකිව පානදුර පොලිස් කොට්ඨාසය තුළ රැදී සිටි පුද්ගලයන් 1000 කට අධික පිරිසක් ලංගම බස් රථ මගින් පිටත් කර හැරීම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) බණ්ඩාරගම සතිපොල භූමියේදී පැවැත්විණි.
බණ්ඩාරගම ,පානදුර උතුර ,පානදුර දකුණ ,වාද්දුව ,මොරොන්තුඩුව ,අගුරුවාතොට, හොරණ ,ඉංගිරිය ,මොරගහහේන හා මිල්ලෑව පොලිස් වසම් 10 තුළ, නේවාසිගාර ,කර්මාන්තශාලාවල හා නිවෙස් වල රැදී සිටි පුද්ගලයන් ගම් බිම් බලා පිටත් කර හැරීම සිදු කෙරිණි
එහිදි 1300කට අධික පිරිසක් ගම් බිම් බලා යාම සදහා පොලිස් වසම් 10 යේ ලියාපදිංචිව සිටි අතර එයින් සමහරක් දෙනා නැවත කර්මාන්තශාලා ආරම්භ කිරීම හේතුවෙන් රැකියා සදහා යොමු වී තිබූ බව පොලිසිය කියයි .
සතිපොල භූමියේ ගොඩනැගිලි දෙකෙහි පැමිණි පිරිසට පහසුකම් සලසා දී තිබූ අතර ඔවුන්ගේ මානසික තත්වය නගා සිටුවීම සදහා සංගීත රසාස්වාදයක් විඳගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබුණි .
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා මෙන්ම කලුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැමිණි පිරිස අමතා කතා පැවැත්වූහ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සංකේතවත් ලෙස පැමිණි පිරිසෙන් කිහිප දෙනෙකුට ආහාර පාර්සල්ද පිරි නැමිණි .
මෙහිදී ගම් බිම් බලා යාම සඳහා පැමිණි පිරිසෙන් කිහිප දෙනෙක් සතුටින් අදහස් පළ කළහ .
අනතුරුව පැමිණි පිරිස බස් රථ කරා යාමට පෙර විෂබීජහරණයට ලක් කර ශරීර උෂ්ණත්වය ද මැන බැලීමට සෞඛ්‍ය අංශයේ නිලධාරීහු සහ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සේවකයෝ කටයුතු කළහ .
මෙම අවස්ථාව සදහා කලුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක,වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ ,කලුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති විජිත් ගුණරත්න ,පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ ,බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය ශ්‍රීමලී අමරසිංහ ,වෛද්‍ය සුදර්මා ,බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් රුවනී සමරතුංග ,බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා ,පානදුර කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී වරුන් ,ස්ථානාධිපති වරුන් ,පොලිස් නිලධාරීන් ,ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.





2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
898
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පානදුර සිරවී සිටි 1000ක් ගම්බිම්වලට යවති
santha Monday, 18 May 2020 06:48 AM
දැන් තමයි ආණ්ඩුවට මතක්වෙලා තියෙන්නේ පොඩි ළමයිනුත් ඉදලා.