IMG-LOGO

බෙල්ජියම අඟුළු දමයි

 

කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් බෙල්ජියම සම්පූර්ණයෙන්ම අගුළු දැමීමට තීරණය කර ඇතැයි එරට රජය නිවේදනය කර තිබේ.
 
 
ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් සහ රූපලාවන්‍යාගාර වැනි පුද්ගලික ව්‍යාපාර සඳුදා සිට දෙසැම්බර් මැද දක්වා වසා දැමීමට නියෝග කර ඇත.
 
පොදු ස්ථානවල ඕනෑම රැස්වීමක් පුද්ගලයන් හතර දෙනකුට සීමාකර ඇති අතර පාසල් නිවාඩුව නොවැම්බර් 15 දක්වා දීර්ඝ කර තිබේ.
 
සුපිරි වෙළඳසැල්වල අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් අලෙවි කළ හැකි අතර නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් භාණ්ඩ මිලදී ගැනීම සඳහා පිටතට යෑමට අවසර හිමිවේ.
 
දැනටමත් පනවා ඇති රාත්‍රී ඇඳිරි නීතිය සහ බාර් වසා දැමීම දිගටම ක්‍රියාත්මක වේ. 
 
මේවනවිට යුරෝපරේ රටවල් අතරින් වැඩිම ආසාදන අනුපාතය පෙන්නුම් කරන්නේ බෙල්ජියමේ ය.
 
කොරෝනා පළමු රැල්ලේදී ද ලෝකයේ ඉහලම මරණ අනුපාතය වාර්තා කළේ බෙල්ජියමයි.
 
වෛද්‍ය අංශ පවසන්නේ මේවනවිට බෙල්ජියමේ දැඩිසත්කාර ඒකකවල පවතින ඇඳන් ප්‍රමාණයෙන් අඩකට වඩා පිරීඇති බවයි.
 
අගමැති ඇලෙක්සැන්ඩර් ද කෲ මෙසේ පැවසීය,
 
"රට සෞඛ්‍යමය හදිසි අවස්ථාවකට පත්වී තිබෙනවා, රෝහල් සඳහා වන පීඩනය අති විශාලයි, රට ජාතික වශයෙන් අගුලුදැමීමට සිදුවනවා, රෝගීන් සංඛ්‍යාව පහත හෙළීමට නම් මෙය අවසාන අවස්ථාවයි."
 
එසේවුවද බෙල්ජියමේ කර්මාන්තශාලා ක්‍රියාත්මක වන බව හෙතෙම පැවසීය.
 
මේවනවිට බෙල්ජියමේ කොරෝනා ආසාදිතයන් 392,258ක් වාර්තාවන අතර මරණ 11,308ක් සිදුවී තිබේ.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

බෙල්ජියම අඟුළු දමයි

Demuni Uduwara Saturday, 31 October 2020 08:57 PM

අපේ රටට 'සමාජ සම්ප්‍රේෂණයක්' නැත 'සමාජ සංචලනයක්' පමණි. ඉතින්, අපි අගුලු දමන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site