කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ.
ඒ අනුව ඔස්ට්‍රියාව රාත‍්‍රී 8.00 සිට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවා ඇති අතර ආහාර පිටතට රැගෙන යාම සඳහා පමණක් අවන්හල් විවෘත කර තැබේ. වයිරසය හේතුවෙන් එරට පනවා ඇති නව සීමා ලබන අගහරුවාදා සිට මේ මාසය අවසානය දක්වා ක‍්‍රියාත්මක වේ.
එරට ප‍්‍රාථමික පාසල් පවත්වාගෙන යාමට අවසර දී ඇති නමුත් උසස් පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදුකළ යුතුය.
ඔස්ට්‍රියාවෙන් ඊයේ හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5349 කි.
පෘතුගාලයේ පනවා ඇති සීමා එරට සියයට 70 ක ප්‍රදේශ ආවරණය කරයි.රැකියාවලට, පාසල්වලට සහ අත්‍යවශ්‍ය හේතුවකදී මිස නිවෙස්වලින් පිටතට යාමට ඒ අනුව ජනතාවට අවසර හිමි නොවේ.
කෙසේ වෙතත් හැකියාව පවතී නම් නිවෙස්වල සිට රාජකාරී කටයුතුවල නියැලෙන මෙන් එරට ජනතාවට උපදෙස් දී ඇත. වෙළෙඳසැල් රාත‍්‍රී 10 ට වසා දැමීම අනිවාර්ය කර තිබේ. සති දෙකකට පසු මෙම සීමා නැවත සලකා බැලීමට නියමිතය.
පෘතුගාලයෙන් ඊයේ ආසාදිතයින් 4007 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 39 කි.
බීබීසී ඇසුරෙනි
226
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පෘතුගාලයට - ඔස්ට්‍රියාවට දැඩි සීමා පැනවේ