IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍රභේදයක් විය හැකි බවත් විද්‍යාඥයෝ අනතුරු ඇඟවූහ.

මෙම නව ප්‍රභේදය ප්‍රථමවරට පසුගිය ජූනි මාසයේදී ජර්මනියෙන් හඳුනාගෙන ඇති අතර එතැන් සිට එක්සත් රාජධානිය, ඇමෙරිකාව සහ ඩෙන්මාර්කය ඇතුළු රටවල් කීපයක එක්ස්.ඊ.සී ප්‍රභේදය ආසාදනය වූ කොවිඩ් රෝගීන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විශේෂඥයන් පවසන පරිදි එක්ස්.ඊ.සී ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් පැවැත එන්නක් බවත් සරත් සෘතුවේ පැතිරීමට උපකාර වන නව විකෘති කිහිපයක් එක්ස්.ඊ.සී සතුව වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙසේ නමුත් එක්ස්.ඊ.සී ප්‍රභේදය වැළඳුනහොත් එය උත්සන්න වීමේ අවස්ථාව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් පුද්ගලයන්ට අවම බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේද දෙකක් වන කේ.එස් 1.1 සහ කේ.පී 3.3 එකතුවී එක්ස්.ඊ.සී ප්‍රභේදය සැදී ඇති බවද පැවැසෙයි. මේ දක්වා පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500 ක් එකතු කර ඇති බවත් එම සාම්පලවල එක්ස්.ඊ.සී ප්‍රභේදය තිබෙන බවට තහවුරු වී ඇති බවත් විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.

ඩෙන්මාර්කයේ, නෙදර්ලන්තයේ, ජර්මනියේ සහ එක්සත් රාජධානියේ එක්ස්.ඊ.සී ප්‍රභේදය ශීඝ්‍රයෙන් වර්ධනයක් පෙන්නුම් කරන බවද විද්‍යාඥයෝ පැවැසූහ. අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව එක්ස්.ඊ.සී ප්‍රභේදයට ඉතා ඉක්මණින් ආසාදනය වීමේ හැකියාවක් තිබෙන බවත් ශීත සෘතුවේදී එක්ස්.ඊ.සී ප්‍රධාන උප ප්‍රභේදයක් විය හැකි බවත් විද්‍යාඥයෝ අනතුරු ඇඟවූවේය.



අදහස් (1)

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි

Imported and genuine Wednesday, 18 September 2024 04:00 PM

ආ ... යුරෝපියන් එකක්ද? එහෙනම් කොලිටි බඩු .

:       5       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 291 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site