පක්ෂයට වඩා ජනතා මෙහෙවර මුලට ගන්න ඔක්තෝබර් 26 වැනිදා සිට දිගහැරුණු දේශපාලන අර්බුදයේ තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදෙන ලද තීන්දුවක් සමඟ ඇතිවිය. 15 November 2018
රෝහල් 2 කින් ඇසෙන අඳෝනා ගැන බලන්නේ නැද්ද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු මැදිරිගිරිය මූලික රෝහලට දෙන්නැයි ඉල්ලමින් ගැබිනි මවුවරුන් මැදිරිගිරිය කළගෙඩිපාලම මත පාර අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 14 November 2018
ආර්ථිකය අවුලෙන් අවුලට වර්තමානයේ රටතුළ දේශපාලන අර්බුදයකි. එය කාලයක් තිස්සේ යටපත්ව තිබුණකි. යහපාලනයට එක්වූ පක්ෂ දෙක එදා පටන්ම නියමාකාරයෙන් ගමන් කරනු පෙනෙන්නට තිබුණේ නැත. 14 November 2018
ජාත්‍යන්තර අවධානය එන්න එන්නම වැඩිවෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහ මැතිවරණයක් කැඳවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය තවදුරටත් උග්‍ර අතට පත්ව ඇතැයි අන්තර්ජාති ප්රවෘත්ති නියෝජිත ආයතන වාර්තා කරයි. ප්‍රංශ පුවත් සේවය (ඒ.එෆ්.පී.) වාර්තාවක සටහන් වන්නේ ඒ ආකාරයෙනි. 13 November 2018
වර්ජන වදයක් වුණේ ඇයි “වැඩ වර්ජන සහ උද්ඝෝෂණ” කියන වචන දෙකේ තරමක වෙනස්කමක් තියෙනවා. වැඩ වර්ජන කරන්නේ කම්කරුවන්. වැටුප් ලබන සේවක සේවිකාවන්. ඒ අයගේ සංවිධානාත්මක හයිය වෘත්තීය සමිති. වර්ජන මෙහෙයවන සංවිධානය තමයි වෘත්තීය සමිතිය. ඔවුන් උද්ඝෝෂණත් කරනවා, විරෝධතාත් පවත්වනවා. 13 November 2018
පක්ෂය ගැන නොව රටේ ප්‍රශ්න ගැන සිතන්න ඕනෑ පාර්ලිමේන්තුව පසුගිය සිකුරාදා රාත්‍රියේ විසුරුවාහැරීම බොහෝ දෙනකුට අනපේක්ෂිත තීන්දුවක් විය. එහෙත් පසුගිය සති දෙක පුරා දිගහැරෙමින් තිබූ සිදුවීම් මාලාව සමඟ ගළපාගත් විට එය එකම විසඳුම් මාර්ගය වශයෙන්ද කෙනකුට පෙනී යා හැකිය. එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ද ලක්ව තිබේ. 13 November 2018
113 සොයද්දී පීඩනයෙන් මිදීමට රට පනිති ව්‍යවස්ථාවේ 70 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ප්‍රකාරව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ආදී කටයුතු ව්‍යවස්ථානුකූලව ඉටු කිරීමට ජනපතිවරයා කටයුතු කර ඇතත් වසර හතර හමාරක් ගතවන තෙක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නොහැකි බව යන කාරණය ඔහු නොසළකා හැර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරු පෙන්වා දෙන්නෝ ය. 13 November 2018
ව්‍යවස්ථා විශාරදයන්ගෙන් දිරච්ච ලණුවක් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන වසරේ ජනවාරි මස 05 වැනිදා පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කළේ ය. මේ හමුවේ සති දෙකක් ඇතුළත දෙවන වතාවටත් සමස්ත ශ්‍රී ලංකා වාසීහු අන්දුන් කුන්දුන් වූහ. 12 November 2018
මැතිසබේ විසුුරුවනු බත්තරමුල්ල නැවතත් දේශපාලනය තුළ ඓතිහාසික විය. ඒ නව ඓතිහාසිකය ට හේතුව වූයේ පාර්ලිමේන්තුව එහි පිහිටුවා ඇති නිසා හෝ දිනපතාම වාගේ දකින්නට ලැබෙන පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතා නිසා නොවේ. ඊට හේතුව වූයේ “රටම රකින ජන මහිමය” රැලියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියූ නොව ඔහුට කියවුණු “මා විසින් අගමැති පුටුවෙන් මාරුකළේ ශරීරයක් නොව දර්ශනයක්” යන බරපතළ ස්වදේශිකවාදී ඇඟවුම ය. 09 November 2018
‘පක්ෂ නායක රැස්වීමේ ගාලගෝට්ටි - තීරණයක් නැතිව අවසන්’ ඉහතින් දක්වා තිබෙන්නේ අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රධාන සිරස්තලය වේ. පවතින දේශපාලන තත්ත්වය හා ලබන 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය සාකච්ඡා කිරීම සඳහා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් පසු වාර්තා කළ ප්‍රවෘත්තියේ ප්‍රධාන සිරස්තලය එපරිදිය. 09 November 2018
විශ්වාස භංගත්වයේ ඇවිලෙන ගින්නට ඉන්ධන යෙදීම අප මාදුළුවාවේ සෝභිත හිමියන් සිහිකරන්නේ, අප රටේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට ප්‍රවේශ වී ඇති මොහොතය. මේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනය පවතින්නේ මීට සති දෙකකට පෙර පැවති තත්ත්වයෙන් නොවේ.ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකය. 08 November 2018
ඉන්දියාවේත් චීනයේත් අවධානය ශ්‍රී ලංකාව වෙතට ආසියානු කලාපයේ ප්‍රබලයන් මෙන්ම විරුද්ධවාදීහු දෙදෙනා වන ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය දෙස සමීපව බලා සිටිති. 08 November 2018
සම්ප්රදාය එදා හොඳයි නම් මෙදා නරක ඇයි මේ දිනවල කාගේත් කතාබහ 113ක් ගැනය. මේ එකසිය දහතුන යනු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවේ (225න්) බහුතරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ කිසිම කණ්ඩායමකට (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය) පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෙවත් 113ක මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි නොවුණි. එහෙත් රජයක් පිහිටුවීමට නම් එය අවශ්‍යය. 08 November 2018
තේ කර්මාන්තය වැටෙන්න දෙනු එපා පසුගිය ආණ්ඩු සමයේ දී තේ කර්මාන්ත ශාලා 281ක් වැසී ඇතැයි කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය කියයි. 08 November 2018
බලයද රටද ලංකා දේශපාලනයේ පසුගියදා සිදු වූ පරිවර්තනය නැතිනම් බල පෙරැළිය මෙරට දේශපාලන ඉතිහාසයේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවකි. මෙරට දේශපාලන ඉතිහාසයට එක්වූ කළු පැල්ලමක් වශයෙන්ද මෙය හඳුන්වාදීමේ වරදක් නැත. එජාපය සහ ශ්‍රීලනිප පාර්ශ්වයක් එක්වී ආරම්භ කළ යහපාලන ආණ්ඩුවේ ඉතිහාසය හා වර්තමානය කෙරෙහි අවධානය යොමු කිරීම ද මෙහිදී වැදගත්ය. ජනාධිපතිවරයාගේ සහ එජාපයේ දීගය ආරම්භයත්, එහි දික්කසාදයත් යන කරුණු ද්විත්වයම යම් ආකාරයක දේශපාලන කුමන්ත්රණයකි. 07 November 2018
ඉන්ධන මිල සහනය එයට ඇඳෙන්න සෙසු සේවාවලටත් ඕනෑ ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද අඩු කිරීමේ ශුභාරංචිය අප පුවත්පත මේ නොබෝදා වාර්තා කළේය. එය ශුභාරංචියක් වන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි අන්දමට ඉහළ ගොස් ඇති සමයක මෙයින් කිසියම් සහනයක් ලැබේය යන උපකල්පනය මතය. 07 November 2018
බල අරගලයේ පේන බැලීම අර්බුදකාරී සහ වියවුල් සහගත වාතාවරණයක ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටින්නේ 9 වැනි දිනයයි. සෑම උදෑසනකම රට සහ ජනතාව අවදි වන්නේ නව අගමැතිවරයකු සහ නව රජයක් යටතේ කුමකින් කුමක් සිදුව ඇතිදැයි දැනගැනීමේ කලබලයෙනි. 06 November 2018
ව්‍යවස්ථාවේ අඩුපාඩු හදන්න සුදුසුම කාලය එළැඹිලා අපේ රටේ ව්‍යවස්ථාව මේ දිනවල පවතින දේශපාලන බල හුවමාරු කතාවේ කේන්ද්‍රය වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කරනු ලැබුවේ ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී තිබෙන බලතල අනුවය. 06 November 2018
ඩොලර් නාස් ලණුව දමා ගැනීම කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ තෙක් නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට රජය සැරසෙන බව පසුගිය දා ජනමාධ්‍යවල පළ වී තිබිණි. දුම්රිය සංවර්ධනය හා නව දුම්රිය මාර්ග ඉදිකිරීම ඉතා යහපත් පියවරකි. 06 November 2018
දුමින්ද - බැසිල් සාකච්ඡාවේ වාසි - අවාසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධානයක සහ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වාරිමාර්ග, ජල සම්පත් හා අපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය. මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත් කරන අවස්ථාව වන විට ද දුමින්ද දිසානායක මහතා දරමින් සිටියේ ද මෙම අමාත්‍යංශයයි. 01 November 2018
අගමැති රාජපක්ෂගේ නව අභියෝග අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී ඉන්දියා අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් පළකර තිබූ නොසතුට වඩාත් අවධානයට ලක්විය. 01 November 2018
රටේ පිහිටීමේ අගයට අනුව ආර්ථිකය නන්වන මං සොයමු ලංකාවේ ආර්ථිකය විවාදයට තුඩුදී ඇති මාතෘකාවකි. පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් ජනතා ප්‍රතිචාරය සුබවාදී වූයේ නැත. ජනතාව දැඩි ආර්ථික පීඩනයකට පත්වන ආකාරයෙන් කරුණු කාරණා රටතුළ සිදුවීම එයට හේතුවය. පාලකයන් අනුගමනය කළ ප්‍රතිපත්ති මෙයට බලපෑ ප්‍රධාන හේතුව වශයෙන් සලකන්නට ද පුළුවන. 01 November 2018
සත්‍යයට පිටුපෑම ආ වැඩීම පසුගිය 26 වැනි දා ජනාධිපති තුමන් විසින් නව අගමැතිවරයෙක් පත් කරනු ලැබීය. ඒ 2015 අගෝස්තුවෙහි පාර්ලිමේන්තු මැතිවරණයෙහි දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් හෙයින් පාර්ලිමේන්තුවෙහි බහුතර කැමැත්තෙන් තෝරා ගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටියදීම ය. අගමැති අස් කළ බව ජනාධිපතිතුමන් කීව ද ව්‍යවස්ථානුකූල ව තවමත් තමා අගමැති යැයි වික්‍රමසිංහ මහතා පවසයි. මෙහි ප්‍රතිඵලය වන්නේ එක්වර අගමැතිවරුන් දෙදෙනකු සිටීමෙහි අසාමාන්‍ය සහ අවිනිශ්චිත තත්ත්වයකට රට ඇද වැටීම ය. 01 November 2018
මහජන මන්ත්‍රීන් වගකීම හරිහැටි ඉටුකරනවාද මේ වසරේ මෙතෙක් පාර්ලිමේන්තුව පැවැති දින 58 න් මන්ත්‍රීවරුන් 224 දෙනාගෙන් 200කට වැඩිපිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ එක් දිනයකදී පමණක් බව ඔක්තෝබර් 18 වැනිදා ලංකාදීපය අනාවරණය කළේය. 01 November 2018
ආර්ථික සිහින දිනෙන් දින බොඳවීම මිනිසා විසින්ම නිර්මාණය කරන ලද මේ ව්‍යවස්ථා අර්බුදය නිසා, ඉන් අනතුරට ගොදුරු වන්නේ ආර්ථිකයයි. එය සැණෙකින් විසඳිය යුතුය. නැතහොත් විනාශමුඛයට යාම නියතය. 31 October 2018
පළාත් සභා ඡන්දය තවත් පමාකරනු එපා පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවැති ජාතික වප්මඟුල් උළෙලේදී ප්‍රකාශ කළේය. 31 October 2018
ආයෝජන කතාවේ ඇත්ත නැත්ත විදෙස් ආයෝජන ගලා නො ඒම ලංකාවේ ආර්ථික අර්බුදයට එක් හේතුවක්ය යන්න ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. එවැනි සංවාදයක් පවතින අවස්ථාවේ අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ විදෙස් ආයෝජන ව්‍යාපෘතියකට බාධා කළැයි ආයෝජන මණ්ඩලයට විවේචනයක් එල්ල වී තිබේ. 30 October 2018
පොලිස්පති පීල්ල මාරුකරයි හරියටම දවස් 7 කට කලින් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී, තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය බවට ජනපති සිරිසේන මහතා චෝදනා කළ අවස්ථාව හැරෙන්නට කැබිනට් මණ්ඩලයේ අනෙක් කටයුතු සිදුවූයේ සාමාන්‍ය පරිදිය. 30 October 2018
අගමැති පත්කිරීමේ නීති තර්ක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරනු ලැබීම සමඟ ලංකාවේ දේශපාලනය වෙනස්ම දෙසකට ගමන් කර තිබේ. 30 October 2018
40 වසකට පසුවත් ‘මැවිලා පෙනේවි රූපේ’ ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය වශයෙන් විරුදාවලිය ලත් ‘රුක්මණී දේවි’ හෙවත් ඬේසි රාසම්මා ඩැනියෙල් සිය ජීවන ගීයේ අවසාන ඛණ්ඩය ගයා වසර 40 ක් ගෙවී ගියේය. ඇය මිය යන අවස්ථාව වනවිට සිංහල රිදී තිරයේ චිත්‍රපට 100කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබිණි. 29 October 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025