මඟුල් ගෙදර සිට අගමැති පුටුවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතා අතර පසුගිය සතිය ආරම්භයේ දී ඇතිවුනු එකඟතාවය අවසාන වනතෙක්ම පැවතුනේ රහසක් ලෙසය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට ගෙවුණු සිකුරාදා රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී පිරිස ද මේ පිළිබද කිසිත් නොදැන සිටියෝය. 29 October 2018
ආණ්ඩුවේ බල පෙරැළිය ව්‍යවස්ථාවට සීයට සීයක් එකඟයි ඩලස් අලහප්පෙරුමගේ විග්‍රහය මෙසේ විවර කරමු. 29 October 2018
බලය නොව රට මුල් තැනට ගනිමු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලැබීමෙන් පසුව අද හෝ ඉදිරි දින කීපයේදී 30 දෙනකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සිදුවෙයි. අලුත් රජයක් පිහිටුවීමට තුඩුදුන් හේතු කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයේ සඳහන් විය. 29 October 2018
ඒකෙ තමයි මිහිර තියෙන්නේ රුක්මණී දේවිය සමග මෙම සම්මුඛ සාකච්ඡාව මා විසින් පවත්වනු ලැබුවේ 1978 ඔක්තෝබර් මස 27 වැනිදා දහවල් 12.30 ට පමණය. ඊට පැය දහ අටකට පසුව 1978 ඔක්තෝබර් මස 28 වැනිදා සෙනසුරාදා උදෑසන 6.30 ට පමණ ජාඇළ තුඩැල්ලේ පල්ලිය අසල සිදුවූ මාරක රිය අනතුරකින් ඇය එතැනම කලුරිය කළාය. අවමගුල් උත්සවය පැවැත්වූ 1978 ඔක්තෝබර් මස 30 වැනි දින රාත්‍රියේ ප්‍රචාරය වූ ප්රවෘත්ති සංදර්ශනය වැඩසටහනේ ප්‍රචාරිත පටියෙන් පිටපත් කර ගන්නා ලද්ද මෙහි පහත දැක්වේ. 26 October 2018
ආණ්ඩුවේ ගිනි දැල් කලක් තිස්සේ අළුයට ගිනි පුපුරුමෙන් විටින් විට ඇවිලෙමින් තිබූ ආණ්ඩුවේ අර්බුදය මේ වනවිට මහා ගිනි ජාලාවක් බවට පත්වෙන ලකුණු පහළවී තිබේ. ජනාධිපතිවරයා මීට පෙර විටින් විට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් ඉලක්ක කර ගනිමින් විවේචන ඉදිරිපත් කළ නමුත් සමස්ත පක්ෂය දැඩි ලෙස විවේචනය කළේ නැත. එහෙත් දැන් දැන් ජනාධිපතිවරයා සමස්ත එක්සත් ජාතික පක්ෂයම ඉලක්ක කර ගනිමින් විවේචන ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබේ. 26 October 2018
පඹයන්ට රට ඇන්දවීම කුඹුර රකින්නෝ පඹයෝය. ඒ, කුරුල්ලන් ගෙනි. සිව්පාවුන් පඹයන් ට බය නැත. ඇතැම් කුරුල්ලන් ද පඹයන් ට බිය නැති බව පෙනෙන්නේ ඔවුන් සමහර විට පඹයාගේ හිස මත සිට විවේක ගන්නා අයුරු දැකගත හැකි නිසා ය. බොහෝ සතුන් එකවරම පඹයා ට රැවටුණත් ඒ සුළු මොහොතකට පමණි. 26 October 2018
දූෂණ මගඩිවලින් තොර දේශපාලනයක් කවදා ලැබේද දූෂණ චෝදනාවක් නැති මන්ත්‍රීවරයකු අද පාර්ලිමේන්තුවෙන් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. කොළඹ පදනම් ආයතනයේදී පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සහ දේශබන්දු එෆ්.ආර්. සේනානායක ජන්ම දින සැමරුම් උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් විය. 26 October 2018
අගමැතිගේ දෙසතිය ජනපති සතියක් කරයි නැගෙණහිර බහාලුම් පර්යන්තයට එන බහාලුම්වලින් 75්‍ර ක්ම ඉන්දියාව බලා යන බව අමාත්‍ය සමරසිංහ මහතා කැබිනට් රැස්වීමේදී පෙන්වා දුන්නේය. මෙය නෞකා ප්‍රවාහන සමාගම් හා අදාළ වන්නක් බැවින් ඉන්දීය රජයට ඒ සඳහා මැදිහත්වීමේ අපේක්ෂාවක් නොමැති බව ඔහුගේ තර්කය විය. එහෙත් ජනපති සිරිසේන මහතා නැවත වරක් තම මතය ගෙන හැර දැක්වූයේය. 25 October 2018
පරිසර අනුමැතියක් නැතිව ඇරැඹුණු මල්වතුඔය ව්‍යාපෘතිය මල්වතුඔය මහවැලි ගඟට පමණක් දෙවැනි වන ලංකාවේ දිගම ගංගාව ලෙස සැලකේ. එහි දිග කිලෝමීටර 164කට ආසන්නය. කදම්බ නදී හෙවත් මල්වතුඔය ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමේ ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයකි. 25 October 2018
එදා වේල ටුවර්ස් දේශපාලනේ ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය සමයේ ඇම්.ඩී.එච්. ජයවර්ධන ප්‍රබල අමාත්‍යවරයෙකි. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළේ නායකයෙක් ද විය. ඔහු කැබිනට් මණ්ඩලය තුළ ජනාධිපති ජේ.ආර්. හා ඇතිකර ගත් මතගැටුම පසුව පාර්ලිමේන්තුව දක්වා දීර්ඝ විය. එහිදී එවකට අගමැතිවරයාව සිටි අගමැති රණසිංහ ප්‍රේමදාස සඳහන් කළේ තමා ජනාධිපතිවරයා නම් ඇම්.ඩී.එච්. කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවය. 25 October 2018
පරිසරය නොතකන අපේ නරුම මිනිස්සු මන්දක් අටවා ගැබ්බර මුව දෙනක ඝාතනය කළ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ හුනුවිලගම ප්‍රධාන පිවිසුම් දොරටුවට නුදුරු මුණසිංහ ගමේ පවත්වාගෙන යන පෞද්ගලික සංචාරක බංගලාවක හිමිකරුවකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව කියවෙන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 25 October 2018
මහ මුහුදට අභියෝග කළ පාලම හොං කොං - ෂූහායි - මැකාඩ් නගර සම්බන්ධ කර මුහුද හරහා ඉදිකර ඇති ලෝකයේ දිගම පාලම ලෝකයේ පුදුම හත අතරට එක් වීමට තරම් වැදගත් නිර්මාණයක් වී ඇත. මෙම සුපිරි ව්‍යාපෘතිය චීන ජනාධිපති ෂී ජින් පින් මහතා අතින් ඊයේ (23) නිල වශයෙන් විවෘත විය. 24 October 2018
බැඳුම්කරේට මෙන්ඩිස් ඈදුණ පටලැවිල්ල ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් බැඳුම්කර විමර්ශනවලදී සෘජුවම භාජනය වූ සමාගමක් නොවුවද බැඳුම්කර සැකකාර අර්ජුන් ඇලෝසියස් හට එහි ඇති හිමිකාරකම් සැලකිල්ලට ගෙන සහ සැකකාර පර්පෙචුවල් ටේරෂරිස් සමාගමේ සංකීර්ණ මූල්‍යමය ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් මැදිහත්වීම නිසාත් එම සමාගම දැඩි ලෙස විමර්ශනවලට භාජනය වූයේය. 24 October 2018
දැක්මක් නැති පාලනයක් ඕනෑම ආයතනයකට දැක්මක් තිබිය යුතුය. ශිෂ්ටසම්පන්න ලොවෙහි ක්‍රමානුකූලව දියුණුව අත්පත් කරගතහැක්කේ එමගිනි. මෙය රටකට වුවද එසේම අදාළය. ලංකාවට අදාළව ගත්තොත් අප දැන් සිතිය යුත්තේ 2050 දී අප සිටින තැන කොතැනද කියාය. එහෙත් මේ දැක්ම යනු 2020 හෝ 2025 එන ජනාධිපතිවරණයකට සූදානම්වීමක් නොවේ. අවාසනාවකට ලංකාවේදී දැක්ම මෙහෙවර ආදිය සැකැසෙන්නේ ඊළඟ මැතිවරණය දෙස බලාගෙනය. මේ ප්රශ්නයේදී අප නිරන්තරයෙන් චෝදනාභිමුඛ වන්නේ දේශපාලකයන්ටය. 24 October 2018
කැබිනට් රැස්වීම රත්කළ ජනපති මතය ‘රෝ’ ඔත්තු සේවය පිළිබඳ අදහස් දැක්වීමට ප්‍රථමයෙන් ජනපතිවරයා හා කැබිනට් මණ්ඩලය සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම සහ පූර්ණ සංවර්ධනය මැයෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් පිළිබද සාකච්ඡා කරමිනි. 24 October 2018
නීතියට ඉහළින් සිටීමට වෙර දරන දේශපාලනය සබරගමුව පළාත් සභාවේ හිටපු සභානායක හා මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක එම්.අයි.එස්. කාදර් නැමැත්තාගේ නිවෙසේ සඟවා තිබූ විදේශයේ නිෂ්පාදිත ගිනි අවි තුනක්, ජීව උණ්ඩ තොගයක් හා දැලි පිහි දෙකක් සොයාගත් බවත් එම ගිනි අවි සමග අදාළ ආසන සංවිධායකවරයා අත්අඩංගුවට ගත් බවත් සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. දැන් ඔහු රිමාන්ඩ් බාරයේය. 24 October 2018
අඳුරේ අතපත ගෑම තමන් ඝාතනය කිරීමේ කුමන්ත්රණයක නියැළී සිටින්නේයැයි ඉන්දියාවේ බුද්ධි ඒකකය වන රෝ ඔත්තු සේවයට චෝදනා කළද රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මානය වනු ඇතැයි බිය වූ හෙයින් පසු දිනයේදීම එම චෝදනා හකුළා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ ය. 23 October 2018
තේ බරපතළ අනතුරක ලංකාවේ ප්‍රධාන අපනයන කෘෂිකාර්මික භෝග වර්ග තුනකි. තේ, රබර්, පොල් එම වර්ග තුනය. එදා පටන්ම අපේ ආර්ථිකයේ ශක්තිය වෙනුවෙන් සානුබල සැපයූ ප්‍රධානම අංශ තුනක් වන්නේ මේවාය. ඒ අනුව අපේ ආර්ථිකයේ පදනම බවට මෙම අංශ තුන පත්වූවා යැයි කීවොත් එය නිවැරැදිය. ඒ වගේම මෙරට ජනයාගෙන් සෑහෙන පිරිසකට ජීවනෝපාය සපයා දීමට ද මේ අංශ තුන සමත් වූ බව පැහැදිලිය. මේ අතරින් තේ වගාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 23 October 2018
පළාත් සභා ඡන්දය කොතරම් කලක් කල් යයි ද පළාත් සභා ඡන්දය නූතන ලාංකික දේශපාලනයේ විවාදාපන්න මාතෘකාවකි. ඇතැමුන් ඊට සද්භාවයෙන් සහභාගී වුවත් තවත් පිරිසකට එය කටගැස්මක්ව තිබෙන බව ඔවුනොවුන් කරන කියන කටයුතුවලින් ප්‍රදර්ශනය වෙයි. 23 October 2018
ශ්‍රීලනිප ගියත් ආණ්ඩුව දිගටම සභාග කතාවෙන් එ.ජා.පය කැලඹිලාද? පසුපෙළ ඉන්නේ කලකිරීමෙන්ද? ජනපති-අගමැති ගැටුම උග්රවෙලාද? ජනපති මුදාහරින්නේ එ.ජා.ප. විරෝධයද? පාඩු නොලබන රාජ්‍ය ව්‍යාපාරවත් රැකගන්න බැරිද? ජනපති ඝාතන කුමන්ත්‍රණය යටගහන්න හදන්නේ කවුද? මීළඟ පොදු අපේක්ෂකයා කවුද? යනාදී කරුණු සම්බන්ධව එ.ජා.ප. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 22 October 2018
උතුරේ නාමපුවරුවල සිංහල විකෘති කළේ කවුද උතුරු පළාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ප්‍රසිද්ධ ස්ථාන සහ ගම්මාන ආදියට යොදා ඇති නාම පුවරු වෙනස් කිරීමෙන් එම නාම පුවරුවල සිංහල පාඨ මුළුමනින්ම වෙනස් වී ඇතැයි යාපනයේ වෙසෙන සිංහල වැසියන් ප්‍රකාශ කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය. 22 October 2018
ඝාතන කුමන්ත්‍රණයක් කරා දුරදිග ගියේ අමනාපයක්ද ? ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව මේ වන විට රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ සම්බන්ධයෙන් දින දෙකක් පුරා පැය 19කට ආසන්න කාලයක් ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය. ප්‍රකාශ ගැනීම තවම අවසන් නැත. 21 October 2018
බලය තිබ්බත් මොළය නැත්නම් වැඩක් වෙයිද පසුගිය සති කීපයේ මේ රටේ දේශපාලනයේ ප්‍රධාන සාකච්ජාව වූයේ භාරකාර ආණ්ඩුවක් හැදීමක් පිළිබඳවය. ‘භාරකාර ආණ්ඩු කථාව’ කරළියට පැමිණියේ වර්තමාන එජාප සහ ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ අභ්‍යන්තරයේ තිබෙන නොනිමි අර්බුදයේ තවත් එක් ප්රකාශනයක් ලෙසින්ය. මේ හයිබ්‍රිඩ් පන්නයේ ආණ්ඩුව පත්වූ දා සිටම පෙන්නුම් කරන්නේ ‘අද වැටෙයි හෙට වැටෙයි’ වැනි ආකාරයේ අවුලක් බව විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නොවේ. 19 October 2018
මත් සාද කෙරෙහි රටේම දැඩි අවධානයක් ඕනෑ මුහුණු පොත හරහා සංවිධානය කළ මත් කුඩු සාදයක් පැවැත් වූ රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක් වටලා ගැබිනි කතක් ඇතුළු තරුණ තරුණියන් තිස්හය දෙනකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 12 දෙනකු සිටි බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය. 19 October 2018
නවගත්තේගම දොඩම් වගාකරුවෝ අතරමං නිසි මිලක් නොමැතිකමින් නවගත්තේගම මහ අන්දරවැව දොඩම් වගාකරුවෝ අන්ත අසරණ වී සිටිති. 19 October 2018
භාරකාර ආණ්ඩුවේ ඉරණම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්වී භාරකාර ආණ්ඩුවක් පිහිටුවන බවට බොහෝ ආරංචි ඉකුත් සතිවල පැතිර ගියේය. එහෙත් මේ වනවිට එම ආරංචිවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් දැන් දැන් දැකගත හැකිය. 19 October 2018
පිළිතුරු සොයා ගිහින් ගැටළු ළංකර ගැනීම විජේරාම පාරේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ඔහු හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් පැවැත්විණ. වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගැනීමට සුදුසු ඕනෑම තීන්දුවක් හෝ පියවරක් ගැනීමේ බලය රාජපක්ෂ වෙත පැවරීමට ඔවුහු ඒකමතිකව එකඟ වූහ. 19 October 2018
සාකච්ඡා අතරේ පැළවෙන අවිශ්වාසයේ බීජ අධිකරණයට අපහාස කළේ යැයි තීන්දු කරමින් එස්.බී.දිසානායක මහතා සිරගත කිරීමට 2004 දෙසැම්බර් මස 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. වප් මඟුල් උත්සවයකදී දිසානායක මහතා අධිකරණ සම්බන්ධයෙන් අපහාසාත්මක ලෙස අදහස් දක්වා තිබීම මෙම නඩු විභාගයේ පදනම විය. 18 October 2018
ඇත්ත - නැත්ත : අතේ රෝල් ඇත්ත නැත්ත සහ ‘අතේ රෝල්’ තුන් ඈඳුත්තකි. ඒවා එකට බැඳුණු සියුම් නිවුන් දරුවන් හා සමාන ය. සියුම් ව වෙන් කළ යුතු ය. ඇත්ත නැත්ත එකම කාසියෙහි දෙපැත්තකි. අතේ රෝල් නියමින්, හෝ අනියමින් ඒ දෙකට ම සම්බන්ධ ය. ඇත්ත යථාර්ථයෙහි පවතින්නක් වන අතර අතේ රෝල් සැබැවින් ම ප්‍රබන්ධ මිස අන් කිසිවක් නො වේ. 18 October 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025