ජනතා දුෂ්කරතාවලට මුලින්ම ආමන්ත්‍රණය කරමු අපි ගෝත්‍රික වනචාරී අශිෂ්ට යුගයේ සිට නූතන දියුණු ශිෂ්ට සම්පන්න යුගයක් කරා පැමිණ සිටින්නෙමු. අප රට පිහිටා තිබෙන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කුලුනු තුන මතය. රටේ පැවැත්ම රඳා පවතින්නේ එම කුලුනු තුනෙහි සවිමත්බව මතය. මේ සම්බන්ධයෙන් කවර මතිමතාන්තර විවේචන තිබුණද ඉක්මයන පැයට අදාළ යථාර්ථය එය වේ. 16 July 2022
ඩලස් ජනපති වෙන්න සූදානමින් පාර්ලිමේන්තු සම්ප්රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සුදානම් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 15 July 2022
අපි යන්නේ කොයි පාරේ මෙවර කිවිඳා දැක්ම ලියන්නේ රටේ දේශපාලන තත්ත්වය බරපතළ ආකාරයෙන් වෙනස් වෙමින් තිබෙන අවස්ථාවකය. ආර්ථික අර්බුදයෙන් ආරම්භ වූ මේ අස්ථාවර තත්ත්වය ඉතාමත් විශාල දේශපාලන අරාජිකත්වයක් දක්වා ගමන් කර ඇති බව ඉතාමත් පැහැදිලිය. මේ අර්බුදයේ ගමන් මග පිළිබඳව සාකච්ඡා කරන්නට මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ නැත. එහෙත් මෙම අර්බුදය ගමන් කළ හැක්කේ කුමන දිසාවකටද යන කාරණයත් මේ අර්බුදයෙන් ගොඩ ඒමට ගමන් කළ යුත්තේ කුමන දිසාවකටද යන කාරණය සැකෙවින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි. 15 July 2022
අමෙරිකාවේ කොන්දේසි යහපාලනයකට රුකුලක් වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු රඳවාගෙන සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියන ගණනක ණය සහනය කෙරෙහිය. එම ණය ආධාරය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව දැන් මාස ගණනාවක සිට සාකච්ඡා පවත්වමින් සිටියි. ණය ආධාරය ලබාදීම සම්බන්ධයෙන් පරස්පර අදහස් ආණ්ඩුවෙන්ද මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට සහභාගි වන නියෝජිත පිරිසෙන්ද නිකුත් වෙමින් තිබේ. 15 July 2022
හතරේ සීමාවෙන් ඔබ්බට ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රාහී නිමාවත් සමගින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සති 5 ක ශ්‍රී ලංකා සංචාරය අවසන් විය. වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සමවිය. එක්දින තරගාවලියේදී 3-2 ක් ලෙසින් ශ්‍රී ලංකාව ජයගත්තේය. විස්සයි-20 තරගාවලියේදී 3-1 ක් ලෙසින් ඕස්ට්‍රේලියාව ජයගත්තේය. 14 July 2022
දිනූ දේ නැති භංග අවදානම නිදහසින් පසු ලංකාව වෙනස්ම අත්දැකීමකට මුහුණ දෙමින් සිටියි. පවතින අර්බුදය කළමනාකරණය කරගත යුත්තේ කෙසේදැයි අප විමසුවේ බර්නාඩ් ගුණතිලක මහතාගෙනි. 14 July 2022
නීතිය - සාමය රකිමු: ඉවසීමෙන් කටයුතු කරමු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් බැහැරව සිටින බැවින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත්කරනු ලැබී යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (13) දහවල් ප්‍රකාශ කළේය. මීට පෙර කතානායකවරයා සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා 13 වැනිදා බදාදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවය. වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත් කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක කර බස්නාහිර පළාතට ඇඳිරි නීතියද පනවා ඇතැයි අග්‍රාමාත්‍ය 14 July 2022
ජනතාව කබලෙන් ළිපට දැමූ අමනෝඥ තීරණ ශ්‍රී ලංකාවේ ජීවත්වෙන බොහෝදෙනකුට දැන් දැනෙන්නේ ඔවුන් මොහොමඩ් අලි සමග බොක්සිං කවය මැද සටනකට එළඹුණා සේය. එකපිට එක එල්ලවන මුෂ්ටි ප්‍රහාරවලින් ඔවුහු හෙම්බත් වී සිටිති. බොහෝ අය දණින් වැටෙති. ඇතැම්හු මුෂ්ටි ප්‍රහාර වැදී බිම ඇද වැටෙති. සටන මුළුමනින් පරාජය වී බිම පතිත වන්නට සිදුවන මුෂ්ටි ප්‍රහාරය කොයිවේලේ හෝ වදිනු නියතය. 14 July 2022
රටේ අපට තව කී දවසක් මෙහෙම ඉන්න සිදුවේද? දේශපාලන කලබැගෑනිය අවසන් අදියරට පැමිණෙමින් තිබේ. අරගල බිම් අරගලකරුවන්ගෙන් හිස් වෙමින් පවතින අතර සාමකාමී බල හුවමාරුවකට අදාළ පාර්ශ්ව කැමැත්ත පළ කිරීම සන්සුන් සංහිඳියාවකට මගකි. එහෙත් ඇත්ත ප්රශ්නය තවමත් එලෙසින්මය. ජනයා අරගලකරුවන් බවට පත් කළ හේතු කිසිවක් විසඳී නැත. 14 July 2022
ප්‍රශ්න විසඳීමට මූණු වෙනස්කිරීමේ අසාර්ථක න්‍යාය දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව ගැටුම් සහ කෝලාහලවලින් පන්නරය ලැබූ රටකි. අභ්‍යන්තර හෝ බාහිර කුමන්ත්‍රණ අලුත් සිද්ධි නොවේ. විනාශයකට පසු නැගී සිටීම, එයින් පසු නැවතත් විනාශය සාමාන්‍යකරණය වී ඇත. පසුගිය මාස ගණනක කාලය තුළ පැවැති ජනතා පෙළගැස්ම සුපුරුදු පරිදි අනපේක්ෂිත තත්ත්වයකින් අවසන් වී තිබේ. නැගිටීමක් තුළින් ජනතාව අපේක්ෂා කළ වෙනස්කම් ගණනාවකි. සිස්ටම් නොඑසේ නම් ව්‍යුහාත්මක වෙනස එයින් එකකි. 11 July 2022
අල්ලස් හුටපටේට ඈඳුණු දේශපාලන හාහූව දේශපාලන ක්ෂේත්රයේ නම්බුව කෙලෙසන අල්ලස, දූෂණය සහ වංචාව මහා ව්‍යාධියක් මෙන් සමාජ දේහය ආක්‍රමණය කරමින් සිටියි. ලෝකයේ කොතරම් පිරිසුදු ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන රටක වුවද වරින් වර මෙබඳු චෝදනා ගැන වාර්තා අසන්නට දකින්නට ලැබේ. පසුගියදා මෙරට ප්‍රචාරය වූ පුවතකින් කියැවුණේ ජපානයේ සුප්‍රකට ‘තායිසේ’ නම් සමාගම මෙරට ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකින් කිසියම් අමාත්‍යවරයකු අල්ලස් මුදලක් ඉල්ලා සිටි බවයි. 11 July 2022
අනාගතයට ශක්තිමත් සම්මුතියක් මෙම තත්ත්වය බලාපොරොත්තු විය හැකිව තිබූ එකකි. දැඩි අපහසුතා මධ්‍යයේ වුව විශාල පිරිසක් කොළඹට පැමිණියහ. ලංකා ඉතිහාසයේ ඉහළම ජන සහභාගීත්වය සහිත මහජන නැගිටීම හැටියට මෙය හැඳින්වීමට පිළිවන. එහි ඇති වැදගත්ම ලක්ෂණය නම්, නිශ්චිත දේශපාලන නායකත්වයක මෙහෙයවීමකින් සිදු වූවක් නොවීමය. බොහෝ දෙනා එයට ස්වේච්ඡාවෙන්ම සහභාගි වූහ. 11 July 2022
ස්ථාවර ආණ්ඩුවක් ඉක්මනින් හදමු මෙරට ඉතිහාසයේ විශාලතම මහජන නැගිටීම වශයෙන් හඳුන්වනු ලබන ජූලි 09 අරගලය තාවකාලිකව අවසන් විය. අරගලයේ මෙහෙයුම්කරුවන් ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඉල්ලා අස්වන තුරු ඔවුන්ගේ අරගලය එසේම ඉදිරියට යනු ඇත. කෙසේ වුවද එදිනම රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත යොමු කෙරුණු ලිපියකින් දැනුම් දී තිබුණේ ලබන බදාදා (13) තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවය. 11 July 2022
අපේක්ෂාවේ කුලුනක් : කරුණාවේ ආදර්ශයක් මාර්ටින් ලුතර් කිං (කනිටු) විසින් 1963 අගෝස්තු මස 28 වැනි දින පවත්වන ලද “I have a Dream” (මට සිහිනයක් තිබේ) නමැති ලෝක ප්‍රසිද්ධ දේශනය මෙම ලිපිය ලිවීමේ දී තීරණාත්මක ලෙස බලපා ඇති බව සඳහන් කරනුයේ, ඔහුට පමණක් නොව, මානව ශිෂ්ටාචාර පද්ධති වෙනස් කිරීමට අහිංසාවාදී නැතහොත් නිර්-ප්රචණ්ඩ විධික්රම උපයෝගී කරගත් නියමුවන්ට සහ සමාජ ව්‍යාපාරවලට ගෞරව කිරීමේ අදහසිනි. 08 July 2022
අපහාස නීතිය අලුත්කිරීම කාලෝචිතයි ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිර්වචනය කර නොතිබීම හේතුවෙන් පැන නගින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා එකී වරද සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවකට මෙසේ අනුමැතිය හිමි වූ බවද වාර්තා විය. 08 July 2022
පනස් දෙකේ අගමැති පොරය ජාතියේ පියාවූත්, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක 1952 මාර්තු 22 වැනිදා රටම සෝ සයුරේ ගිල්වා ඛේදනීය හදිසි අනතුරකින් මරණයට පත්වූයේය. ඔහුගේ අකල් මරණය නිසා රටේ ඊළඟ අගමැතිවරයා පත් කිරීමේ අවශ්‍යතාව පැන නැගුණේය. 07 July 2022
61 දී ශ්‍රී ලංකාවට වැරදුණු තැනින් පටන්ගත් සිංගප්පූරුව ඉන්දියන් තෙල් සමාගමට අනුබද්ධ ඉන්ධන පිරවුම්හල්වල ඛනිජ තෙල් ඇතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල්වල ඉන්ධන නොපවතී. එය එසේ වන්නේ ඛනිජ තෙල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් නැති නිසාය. ඒ තරගකාරීත්වය නිර්මාණය කිරීම සඳහා කුමක් කළ යුතු දැයි අප විමසුවේ නැව්වලින් භාණ්ඩ ප්‍රවාහනය කරන වෙළෙඳ ප්‍රජාවගේ සංවිධානය වන කොළඹ නැව් ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතාගෙනි. 07 July 2022
දිළිඳුකමේ ගැටලුව පාලකයන්ට නොපෙනේද? මුළු රටේම දුප්පත්කම භයානක අඩියක් දක්වා වර්ධනය වෙමින් තිබේ. ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයකට මැදි වී සිටින රටකට එසේ සිදුවීම ගැන එක් අතකින් විස්මයට කරුණක් නොවේ. එහෙත් මුළු රටේ වැඩි පිරිසක් දරිද්‍රතාවේ ඉහළ මට්ටමට ළඟා වනවිට රටේ සෑම ජන කොටසකගේම ජීවිත සහ දේපළ අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. මේ සම්බන්ධයෙන් රටේ පක්ෂ - විපක්ෂ සියලු දේශපාලන කණ්ඩායම්වල අවධානය යොමුවීම අවශ්‍ය බව පෙන්වා දිය යුතුය. 07 July 2022
සංස්ථා පාඩු ජනතා කරපිට පැටවීමේ විපාක දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීමට සමාගම් වැඩි ගණනකට අවසරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බව අපට අසන්නට ලැබිණි. ඒ අනුව ඉන්ධන ආනයනය කිරීමට කැමැති කොම්පැනිවලට එසේ ආනයනය කොට දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඉඩ සැලසේ. මූලධර්මයක් ලෙස ගත් විට විවිධ සමාගම් දේශීය වෙළෙඳපොළට පිවිසීම ඔස්සේ, වෙළෙඳපොළ මිල, ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව අතින් ඒ තුළ තරගකාරී බව වර්ධනය වේ. 06 July 2022
තත්ත්වය බරපතළයි වහා ප්‍රතිකාර ඕනෑ රට පැටලී ඇති වියවුලෙන් කවදා නිදහසක් ලැබේදැයි කිව නොහැකිය. ඒ වෙනුවට දිනෙන් දින මොහොතින් මොහොත අර්බුද වගුර ගැඹුරුවන බව නම් පැහැදිලිය. තෙල් සොයා මැති ඇමැතිවරු රට රටවල සංචාරය කරති. එහෙත් ඉන්ධන පෝලිම් අගක් මුලක් සොයා ගත නොහැකි තරමට දිගු වී තිබේ. සියලු ක්ෂේත්‍ර, සියලු සේවා ඇඳ බැඳ තබා තිබෙන ඉන්ධන නොමැතිකමින් මුළු රටම මග නතර වී තිබේ. 06 July 2022
බලශක්ති අර්බුදය කොයිබටද? බලශක්ති ස්වෛරීත්වය යනු රටක ජාතික ආර්ථික ස්වෛරීත්වයේ පාදමකි. බලශක්ති අතරින් ද විදුලිබලය සුවිශේෂී වන්නේ සමාජ-ආර්ථිකයේ සෑම ක්‍රියාකාරකමකටම පාහේ විදුලිබල යෙදවුම අවශ්‍ය වන බැවිනි. ජල විදුලි බලයෙන් පෝෂණය වූ අපගේ විදුලි පද්ධතිය මීට වසර 50 කට පමණ පෙර අඩු වැඩි වශයෙන් ස්වාධීනව හා ස්වයංපෝෂිතව පැවැති බවත්, එවක ඉදිවෙමින් පැවැති ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වූ පසු විදුලිය අපනයනය කිරීමට ද ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි බලධාරීන් වහසි දොඩමින් සිටි බවත් අපට අමතක නැත. 04 July 2022
රටට බරක් නොවිය යුතු පාඩු ලබන රාජ්‍ය ආයතන මේ රටේ ආර්ථිකයට උසුලාගත නොහැකි බරක් බවට පත්වෙමින් තිබෙන පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් බොහොමයක් මත පළවෙමින් තිබේ. කාලයක් තිස්සේ එවැනි රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡාවට බඳුන් වෙමින් තිබූ අතර රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ බරපතළකම සමඟ එවැනි ආයතන සම්බන්ධයෙන් තීරණාත්මක විසඳුමකට අනිවාර්යයෙන් යායුතු තැනකට රට තල්ලු වී ඇත. 04 July 2022
අර්බුදයට ඉවසීමෙන් මූණදීම 2022 වර්ෂයේ පළමු කාර්තුවට අදාළව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවෙහි දැක්වෙන පරිදි එම කාලයේදී මෙරට ආර්ථිකය ඍණ 1.6 කින් හැකිළී තිබේ. 2015 වර්ෂයේ සිටම ආර්ථික වර්ධන වේගය පැවතියේ පහළ මට්ටමකය. 2019 වන විට එම අගය 2.3 දක්වා අඩු විය. 2020 සහ 2021 වර්ෂවලදී ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් වාර්තා කළේය. එම තත්ත්වයේ සිට ආර්ථිකය තවත් පහතට වැටීමක් සිදුව ඇති බව මේ නවතම දත්ත මගින් පැහැදිලි වේ. 04 July 2022
කන්දකාඩු ඛේදවාචකයේ වරද කොතැනද? කාගෙද? යුද්ධය නිමවීමත් සමග පොලොන්නරුව කන්දකාඩු ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ආරම්භ විය. එහි එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ පුනරුත්ථාපනය වූහ. එම ව්‍යාපෘතියෙන් පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්විය. කොවිඩ් කාලයේදී එය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්විය. 04 July 2022
බිත්තර කර්මාන්තයත් කඩා වැටෙයි බිත්තර අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව පඬුවස්නුවර ප්‍රදේශයේ බිත්තර නිෂ්පාදකයෝ පවසති. 04 July 2022
රටේ තෙල් බිංදුවටම හින්දුවේ නාමල්ගේ කොම්පැනියෙන් තෙල් ගේන්නද ? මේ වෙන විට රටේ තෙල් සංචිතයක් නැත. තෙල් සංචිත බිංදුවටම හිඳී ඇති බව බනිජ තෙල් සංස්ථාවේ තොරතුරුම පෙන්වා දෙයි. ලංකා බනිජ තෙල් සංස්ථාව මගින් ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කොට තෙල් ලබාදීමේ 03 July 2022
ලංකාවට වැටෙන හිරු එළියේ සුළගේ අයිතියක් අදානිට පසුගිය දා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේ ගැටලු ගණනාවකට ප්‍රශ්නාර්ථයක් එකතු කරමිනි. ඉන්දියානු ප්රාකෝටිපතියෙකු වූ අදානි සමූහයේ සභාපති ගෞතම් 03 July 2022
තේ කර්මාන්තයත් හාන්සියි ඉන්ධන අර්බුදයත් සමග කර්මාන්තශාලාවල අමු තේ දළු එකතු කිරීම විශාල අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියෝ පවසති. 03 July 2022
ලොකු ලූනු ගොවියාගෙන් ඇමතිට පණිවිඩයක් දැනට විදේශ රටවලින් මෙරටට ඇනවුම් කොට තිබෙන රසායනික පොහොර බෙදාහැරීමේදී දේශීය ලොකු ලූනු ගොවියාටද එම පොහොරවලින් යම්කිසි ප්‍රමාණයක් ලබාදී භූමිත තෙල් මිල දී ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් සකසන ලෙස අනුරාධපුර, මාතලේ, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල දේශීය ලොකු ලූනු ගොවීහු කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටිති. 02 July 2022
අර්බුදයෙන් ඉගෙන ගන්න පාඩමක් පවතින අර්ථික අර්බුදය නිසා හෙම්බත්ව කෝපයට පත්ව සිටින මෙරට ජනතාව තමන්ගේ සියලු බලාපොරොත්තු තබා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතය. තමන්ගේත් තම දරුමල්ලන්ගේත් අනාගතය සුඛිත මුදිත කිරීම කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් වත්මන් ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුද විසඳී වසරකට පෙර සිටි තත්ත්වයට හෝ රට පත්වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. 02 July 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025