අර්බුදයෙන් මිදෙන්න මාර්ගයක්
එදිනෙදා ජීවිතය සඳහා ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල පීඩා විඳින, නැතහොත් ඖෂධ සොයා ගැනීමට නොහැකිව ළතවන අයකු සමඟ කතා කරනවිට, හැඟීම් සමූහයක් එළිදරව් වෙයි. නැතිවූ ජීවනෝපාය ගැන සිත්තැවුල්, අප සිටින අවුල පිළිබඳ ව්‍යාකූලත්වය, අවිනිශ්චිත වර්තමානය සහ අනාගතය ගැන බිය චකිතය, සහ ආර්ථිකයේ වැරදි කළමනාකරණයට වගකිව යුතු අය කෙරෙහි කෝපය ඒ අතර වෙයි.