සාහිත්‍යකරුවා මේ මොහොතේ නිහඬව සිටීම බරපතළ අපරාධයක්
ප්‍රකට පරිවර්තකයකු, ලේඛකයකු මෙන්ම කවියකු ද වන චූලානන්ද සමරනායක මහතා චිංගීස් අයිත්මාතොව් සම්මානය ඇතුළු විවිධ සම්මානවලින්ද පිදුම් ලැබූ නිර්මාණ රචකයෙකි. ඔහුගේ නවතම කෘති පහක් පසුගියදා එළිදැක්විණි. සේකරගේ කතා, ගස්නඟින්න කියාපු දවස, ආමි බාප්පා, කඩ ඉරි සහ දිග ඉරි, විත් සහ විත්’ එම කෘති පහයි. කඩ ඉරි සහ දිග ඉරි, විත් සහ විත් යන කෘති ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහ වන අතර මේ සංවාදය ඔහු සමග පැවැත්වෙන්නේ එම කෘති එළිදැක්වීම නිමිති කොටගෙනය.