අමුත්තාට හිතවතාට නෑයාට අමතන ක්රමයේ වරදක් තිබේද?
මා එංගලන්තයේ සිට නිවාඩුවලට දිවයිනට පැමිණි හැම විටකම ලැබූ ජුගුප්සාජනකම අත්දැකීම වූයේ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා Uncle මාමේ ලෙස කරන ඇමතීමය. කොහෙවත් සම්බන්ධයක් නැති මිනිසුන්, තරුණ තරුණියන්, බස් කොන්දොස්තරවරුන්, කොණ්ඩය කපන්නන්, ත්රීවීල් රියැදුරන්, තේ කඩවල වේටර්වරුන්, රජයේ ආයතනවල සේවකයන් දැන් දැන් බැංකු වැනි ආයතනවල කාර්යය මණ්ඩලවල සාමාජිකයන් පවා අංකල්, අයියේ යැයි පාරිභෝගිකයන් අමතන අයුරු දක්නට ලැබේ.