භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය සත්කාරක සේවා සමාගමක් වන හේමාස් හෝල්ඩිංග්ස් සමාගමේ ජාතික දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම, ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව AAA(lka) මට්ටම ලෙස තහවුරු කරන බව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය පවසයි.
ඒ අනුව හේමාස් සමාගමෙහි සෞඛ්‍ය සත්කාර සේවා සහ පාරිභෝගික භාණ්ඩ ව්‍යාපාරය මගින් ලබාදෙන මූල්‍ය ප්‍රවාහය සතු ආරක්ෂිත බව මෙම ශ්‍රේණිගත කිරීම මගින් පෙන්නුම් කරන බව එම ආයතනය පෙන්වා දෙයි. අද වනවිට හේමාස් සමූහයෙහි පොලී සහ බදු පෙර ආදායම් අතරින් සියයට 90ක්ම මෙම ව්‍යාපාර අංශ හරහා හිමි වෙයි. එසේම ස්ථාවර ඉදිරි දැක්ම මගින් සමාගම වෙත වඩාත් ශක්තිමත් ශේෂ පත්‍රයක් පවත්වාගෙන යාමට සහයෝගයක් ලබා දෙනු ඇතැයිද එම ආයතනය අපේක්ෂා කරයි. විශේෂයෙන්ම ගත වූ වසර කිහිපයේදී පැවැති ආනයන අභියෝග නිසා කුඩා සමාගම් වෙත එල්ල වූ බලපෑම හේතුවෙන් තරගකාරීත්වයේ ඇති වූ පහළ වැටීම හේමාස් සමාගම වෙත තවදුරටත් ඖෂධ ආනයනය සහ බෙදාහැරීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවනු ඇති බව අපේක්ෂාව බවත් ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් පවසයි.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆිච් රේටින්ග්ස් හේමාස් හෝල්ඩිංග්ස් AAA(lka) වර්ගීකරණය තහවුරු කරයි