තම රටට අයත් සබ්මැරීන හා යුද නෞකා ශ්‍රි ලංකාවට පැමිණෙන්නේ ඉන්ධන පුරවා ගැනීමට හා ඒවායේ සේවකයින්ට මද විවේකයක් ලබාදීමට පමණක් බවත් එනිසා ඉන්දියාව අනවශ්‍ය පරිදි කරදර විය යුතු නැති බවත් චීන ආරක්ෂක අමාත්‍යංශය කියයි.
අමාත්‍යංශය මේ බව පවසා ඇත්තේ පසුගියදා කොළඹ වරායට පැමිණි චීන සබ්මැරීනයක් හා යුද නෞකාවක් අරබයා ඉන්දියාව නොසන්සුන්වීමත් සමගය.පසුගිය සැප්තැම්බර් මාසයේදීද චීන සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණූනු අතර එම අවස්ථාවේදීද ඉන්දියාව එම සබ්මැරීනයේ ආගමනය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථය දැනවීය.
ජාත්‍යන්තරයේ තලයේ පවා එක් රටකට අයත් යුද යාත්‍රා තවත් රටක වරායක නැංගුරම් ලෑම සාමාන්‍ය දෙයක් බව පෙන්වා දෙන චීන ආරක්ෂක අමාත්‍යංශය මේ යුද යාත්‍රා ආදම්ගේ බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ සිටිනා සෝමාලි මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමට යෙදවීමට නියමිත බවද පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවද මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නැතැයි ඉන්දියාවට දැනුම්දී තිබෙන අතර 2010 වසර සිට මේ දක්වා යුධ නෞකා 210 ක් පමණ කොළඹ වරායට පැමිණ ඇතැයිද පෙන්වා දී තිබේ.
කෙසේනමුත් ඇතැම් ඉන්දියා බළධරයින් චීනය නිදහසට ඉදිරිපත් කරනා කරුණු පිළිගැනීමට අදිමදි කරයි.ඔවුන් පවසන්නේ කොල්ලකරුවන් මෙල්ල කිරීමට සබ්මැරීන වලින් වැඩි ප්‍රයෝජනයක් නැති තැන ඒවා අසල්වැසි රටවල මුහුදු කලාපයන් වෙත ගෙන ඒමට චීනය කටයුතු කරන්නේ කිසියම් සැළසුමක් ක්‍රියාත්මක කිරීමට බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානුවන් හිතාගෙන ඉන්නේ ලංකාව ඔවුන්ගේ යටත් විජිතයක් කියලා. අපේ දේශපාලකයොත් ඒකට වගකියන්න ඕනෑ. අපි කරන දේවල් ඉන්දියාවෙන් අහන්න යන එක වැරදියි. (නි)
ඉන්දියා ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා.(හේ)
ඉන්දියාව බය වුණා.(හේ)
ලංකාවට සැබ් මෑරිනය ආවට ඉසිරියාවෙන්ද ඉන්දියාව.(හේ)
චීනය ලංකාවට ආවට ඉන්දියාව මොකද කුලප්පු වෙලා තියෙන්නේ.(හේ)
ඉන්දියාව බය වුණා කිව්වොත් හරි.(හේ)
යුද්ධය දිනන්නට ඉන්දියාව කරපු උදවු බොහෝ දෙනෙකුට දැනටමත් අමතක වීම පුදුමයක් නොවෙයි. (හේ)
අපිට ඉන්දියාවට වැඩ චිනය හොදයි. ඉන්දියව අතීතේ කලේ හතුරු කම්, අදත් කරන්නේ හතුරුකම්.චීනය අපිව ආරක්ස කරනවා. ඉන්දියාව අපිව විනාස කරනවා, (හේ)
අපිට ඉන්දියාවට වඩා චිනය හොදයි. ඉන්දියව අතීතේ කලේ හතුරු කම්, අදත් කරන්නේ හතුරුකම්.චීනය අපිව ආරක්ෂා කරනවා. ඉන්දියාව අපිව විනාශ කරනවා,(අ)
අපිට ඉන්දියාවට වැඩ චීනය හොදයි. ඉන්දියව අතීතේ කලේ හතුරු කම්, අදත් කරන්නේ හතුරුකම්.චීනය අපිව ආරක්ෂා කරනවා. ඉන්දියාව අපිව විනාස කරනවා, (හේ)
චීනා අපිව විනාශ කරන්නේ ටිකෙන් ටික.මේක ලියලා තියාගන්න මහත්තයෝ .තව අවුරුදු 10 ක් යන්නට ඉස්සර ඒ කියන්නේ ..චීනා ඔය ගොඩකරන නගරයේ එයාට ලියලා දුන්න කොටසෙන් තමා වැඩ පටන් ගන්නේ...(හේ)
චීනේ කියපු කතාව හරි.(හේ)
ඉන්දියානුවන් හිතාගෙන ඉන්නේ ලංකාව ඔවුන්ගේ යටත් විජිත රජ්‍යයක් කියල, එ්කට අපේ දේසපාලකයනුත් වග කියන්න ඕන, මොකද අපි කරන දේවල් ඉන්දියාවෙන් අහල කරන්න ඕනේ නෑ, චීන ජාතිකයෝ ඉන්දියානුවන්ට කැමති නෑ, නමුත් ලංකාවට සහ ලාංකිකයන්ට ලොකු ගරුත්වයක් තියෙනවා, මම මේක හොඳින් දන්නේ මම දැනට අවුරුදු 7ක් චීනයේ ඉන්න නිසා (අ)
කැඩුනොත් පමණක් දාලා යයිද දන්නේ නැහැ (නදී)
දේශපාලන අස්තාවරකම් නිසා ඉන්දියාවට කෙලින් වැඩකරන්න අමාරුයි. චීනයේ දේශපාලන ස්තාවරය නිසා කෙලින් වැඩකරන්න පුළුවන්. බටහිර රටවල් මානව හිමිකම් හරහා නැති කරන්න හදන්නේ එම හැකියාවයි. බටහිර රටවලට ඕනේ චීනයත් අප්‍රිකාව වගේ කරන්න. (නදී)
ඔය කියන්නේ ඉන්දියාව චීනයට බයයි කියන එකනේ . (හේ)
බොහෝ දෙනෙක් චීනය දෙස බලන්නේ වපර ඇසින් , ඒ අවබෝධයක් නැති කමත් , වයසින් ලාමක වීමත් නිසා වන්නට පුළුවන, එහෙත් අතීතයේ දැනට අවුරුදු 50 කට වඩා කාලයේ සිට චීනය ලංකාවේ හොඳම මිතුරෙක් , එසේම චීනය දුන් අධාර එදා සිට අප තවමත් බුක්ති විඳින ඒවා , බටහිර රටවලින් ලැබෙන කඩචෝරු ආදර වලට රැවෙටෙන කොටසක් චීනයට රුසියාවට බියක් දක්වනවා , චීනය අද වනතුරු වෙනත් අයගේ රටක් ආක්‍රමණය කර නැහැ , නමුත් ඔය බටහිර රටවල් එදා සිටම වෙනත් රටවල් ආක්‍රමණය කරමින් තම යටත් විජිතයන් පවත්වා එම රටවල් සුරා කෑවා , අද වන විට අලුත් යටත් විජිත ක්‍රමයක් ඔවුන් පවත්වනවා , ආර්ථිකව බලපෑම් කරන්නට , ඉන්දියාවට වඩා අපේම නුගත් කොටසක් චීනය ගැන හුඹස් බියක් දැක්විම කණගාටුවක්. (අ)
බොහෝ දෙනෙක් චීනය දෙස බලන්නේ වපර ඇසින් , ඒ අවබෝදයක් නැති කමත් , වයසින් ලාමක වීමත් නිසා වන්නට පුළුවන්, එහෙත් අතීතයේ දෙනට අවුරුදු 50 කට වඩා කාලයේ සිට චීනය ලංකාවේ හොඳම මිතුරෙක් , (හේ)
චීනයට ජය. ඇමෙරිකාවේ සහ බටහිර රටවල අතනොමතික ක්‍රියා නවත්වන්න අනෙක් රටවල් එකතු වෙන්න ඕනේ.(දිල්)
මම සිතන්නේ කවදා හෝ ඉන්දියාව චීනය සමඟ ගැටුණොත්, ඉන්දියාව ඉවරයි කියලා. එදාට අපිට කණක් ඇහිලා කරදර නැතුව ඉන්න පුළුවන් (නි)
මනමෝහන ලොක්ක අපිට විරුද්දව චන්දෙ දෙනකොට ඔය බය දැනුන කල නැද්ද ? කල කල දේ පල පල දේ . (අ)
උයන්ගොඩ මහතා හරි.චීනය අපට අපේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට අමිල සම්පතක්.එක දකින්න චීනෙට යන්නම ඕනේ.(ම)
කවුරු මොනා කිව්වත් වැඩක් නෑ.(හේ)
ඉන්දියාවේ නැව්වලටත් ඇවිත් මෙහෙන් තෙල් ගහගෙන යන්න කියන්න, අපේ අකමැත්තක් නැහැ. (හේ)
ඉන්දියාවට තියෙන්නේ අමුතුම අමාරැවක් ලංකාවට යනඑන අය ගැන. දැන් ඉන්දියාවට එන සහ එහි තියෙන සබ්මැරීන් ගැන අපිට වගේ වගක් නැත්නම් ඉන්දියාවට තියෙන මේ අමාරැවට අපි මොනවා කරන්නද. කොහොමත් ඉංග්‍රීසින්ගේ ඉන්දියාව ලංකාවට කලෙත් හතුරුකම් කරන්නෙත් හතුරුකම්. චීනය සමග ඇති ඉතිහාසයේදී අපත් සමග කිසිම ආරවුලක් නැහැ. අප අමතක නොකල යුතු කරුණක් තමයි බුදරජාණන් වහන්සේ ඉපදුනේ පැරණි දඹදිව මිසක් ඉන්දියාවේ නොවන බව. ඉන්දියාව සහ පකිස්ථානය හැදුවේ ඉංග්‍රීසින්ගේ වුවමනාවන්ට. අවාසනාවකට මේ රටවල් තවමත් වක්‍රාකාරව සේවය කරන්නේ ඉංග්‍රීසින්ට. (හේ)
ඕවා එන්න තිබුනේ මන්මෝහන් සින් අර ජිනිවා අජිරණ ඡන්දය දෙන කාලෙනේ. (ර)
ඕවා එන්න තිබුනේ මන්මෝහන් සිං අර ජිනිවා ඡන්දය දෙන කාලෙනේ.(හේ)
මාගම්පුර වරායට හරවා යවන්න. ඉන්දියාවේ ගෙරවිල්ල අඩුවේවි (නි)
ඔක්කොම අපේ රටටමනේ ඇඟිලි ගහන්න එන්නේ. ඉන්දියාවට දැන් දැන් ටික ටික රිදෙන්න ගන්නවා වගේ මේ වැඩ වලින්.හතුරු වේශයෙන් රඟන මිතුරන් හඳුනාගැනීමට මේක හොඳම අවස්ථාවක්. (නි)
අපි අපේ වැඩක් බලාගෙන ඉමු. මේ එක එක රටවල් අපිට මොකටද? (නි)
පසුගිය දශකයේ ඉන්දියාව අපට සැළකූ අකාරය දෙස බැලුවාම, ඉන්දියාව ගැන අපට කිසි විශ්වාසයක් තබන්නට බැහැ. කලාපයේ බලවතා වෙලත් අසල්වැසි අපිට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ඡන්දය කිහිප වරක් පාවිච්චි කළා. චීනය එදත් අදත් අපි වෙනුවෙන් සිටියා (නි)
ඉන්දියාවට මොකෝ ලංකාවට ආවම? ඉන්දියාව ඇමරිකාවට යන්නේ අපෙන් අහලද? (නි)
බොරු කතා.(හේ)
එයාලම කියනවා නම් බයවෙන්න එපා කියලා අපිට මොකද? (නි)
ඉස්සරහට වෙන දේ බලමුකෝ.(හේ)
බොරු බයිලා.(හේ) .
තව ඉස්සරහට තව ලොකු සබ්මැරීන හා යුද නෞකා එනවා චීනෙන් ඒ මදිවට ප්‍රහාරක ගුවන් යානාත් එනවා බලමුකෝ ඉදිරියේදී ලංකාව චීනය එයාර් බේස් එකක් ගැහුවම මොකද වෙන්නේ කියලා .(හේ
අනාගතයේදී ලොව අංක එකේ බලවතා වීමට වලිකමින් සිටින චීනයට මෙතරම් බයවීම පුදුමයට කරුණක් නොවේ. අමතක කරන්න එපා, චීනය යනු සිංහලයින්ගේ දුර සිටින ළඟම නෑයායි (නි)
අනාගතයේදී ලොව අංක එකේ බලවතා වීමට 'විලිලමින්' සිටින 'චීනයට'...මෙතරම් බයවීම පුදුමයට කරුණක් නොවේ............. අමතක කරන්න එපා චීනය යනු සිංහලයින්ගේ "දුර සිටින ලගම නෑයා"යි ......(බ)
ලොව අංක එකේ බලවතා වීමට 'විලිලමින්'සිටින චීනයට ඉන්දියාව මෙතරම් බයවීම පුදුමයට කරුණක් නෙවෙයි ,........අමතක කරන්න එපා චීනය යනු සිංහලයින්ගේ "දුර සිටින ළගම නෑයා"යි .....(බ)
මතකනේ චීනා ටිබෙටය අල්ලාගත් හැටි... (නි)
සිල්වා මහත්තයා යමක් දන්නා බව පෙනෙනවා. (නි)
චීනයට ජය. ඇමෙරිකාවේ හිතුවක්කාර වේද නවත්වන තවත් බලවතෙක් ඕනේ.(හේ)
ඉන්දියාව කොහොමත් මෙහෙම දේවල් තමයි කළේ (නි)