හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් 75,000ක ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කර තිබේ. HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය නාමල් රාජපක්ෂ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා සහ රෝහල් නිලධාරීන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීහු මෙම උත්සවයට සහභාගි වූහ.
මෙම අවස්ථාවට එක් වෙමින් HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා මෙසේ පැවසීය.
“HIPG සමාගමේ ප්‍රධාන හවුල්කරුවා වන CMPort සමාගමේ ආයතනික සමාජ සත්කාරක අරමුදල වන චයිනා මර්චන්ට්ස් පදනම (China Merchants Fund - CMF) වෙතින් අරමුදල්වලින් කොටසක් ලබා දුන්නා. CMF මෙහෙවර, තිරසාර හා සමානාත්මය අරමුණු කොටගනිමින් සමාජ අභියෝගවලට නව්‍ය විසඳුම් සෙවීමයි. පදනම සැමවිටම හම්බන්තොට වරායේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සහ හම්බන්තොට ප්‍රාදේශීය ප්‍රජාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා විශාල සහයෝගයක් දක්වනවා. අපගේ පරමාර්ථය සමාජීය හා පාරිසරික වශයෙන් ජනතාවට සැලකිය යුතු බලපෑමක් ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වන අතර වසංගත කාලයක් තුළ මෙවැනි ව්‍යාපෘතියකට සහාය වීම කාලීන අවශ්‍යතාවක් බව අපි තරයේ විශ්වාස කරමු. අංගසම්පූර්ණ PCR පරීක්ෂණාගාරයක් මෙම ප්‍රදේශයේ දැඩි අවශ්‍යතාවක් වූ අතර නව පහසුකම මගින් හම්බන්තොට ප්‍රජාවේ සෞඛ්‍ය හා ආරක්ෂාව පවත්වා ගැනීමට රුකුලක් වනු ඇත.”
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හම්බන්තොට රෝහලට HIPG වෙතින් අ.ඩො. 75000 ප්‍රධානයක්