- කොන්ත්‍රාත්තුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් 828,000 ක්
හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000 අයියූ/මිලිමීටර් 0.4 පෙර පුරවා ඇති එන්නත්/වයල් 920,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය චීනයේ Shenzhen Techdow Pharmaceutical Co. Ltd වෙත පැවරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි පවසයි.
ඒ අනුව අදාළ එන්නත් මිලදී ගැනීමේ පිරිවැය හා ගැල් කුලී මිල ඇතුළත්ව එක්සත් ජනපද ඩොලර් 828,000 ක මුදලකට එම ප්‍රසම්පාදනය පිරිනමා තිබේ.
මේ සඳහා ඉදිරිපත් කළ තරගකාරී ලංසු කැඳවීම සඳහා ඉදිරිපත් වූ ලංසු 07ක් අතරින්, ඉහළ මටට්මේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව, අවම ලංසුකරු ලෙස අදාළ සමාගමට මෙම ප්‍රසම්පාදනය ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය වෙත යෝජනා ඉදිරිපත් කර තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd