IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


‘හිතවත්කමට වී තොග පෞද්ගලික අංශයට දෙන්නෑ‘

ඉතිහාසයේ පළමු වතාවට ටෙන්ඩර් කැදවීමකින් වී පෞද්ගලික අංශයට නිකුත් කිරීම යහපාලන ආණ්ඩුව ගත් තීරණය පිළිබද තමා  සතුටු වන බවත් වී මිලදී ගැනීම හා වී ගොවියා ශක්තිමත් කිරීම ඉදිරි වර්ෂයේදී ජාතික ප්‍රතිපත්තියක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී. හැරිසන් මහතා එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ඉකුත් රජය සමයේදී අමාත්‍ය වරයාගේ නිර්දේශ මත කෙලින්ම කිව්වොත් ඇමති වරයාගේ තුන්ඩුවකින් මේ වී ටික දෙන්න කියපු වහාම පෞද්ගලික අංශයට පෞද්ගලික හිතවතුන් කිහිප දෙනෙකුට වී නිකුත් කිරීම සිදුවුණා. නමුත් යහපාලන ආණ්ඩුව යටතේ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යවරයා හැටියට මම එහෙම සිදු කරන්නේ නැහැ. මොකද මේක සාධාරණ විය යුතුයි.‘ යැයි අමාත්‍යවරයා කීවේය.

මගේ අමාත්‍යංශය යටතේ මින් ඉදිරියට පෞද්ගලික හිතවත් කමට දේශපාලන වාසි බලාගෙන පෞද්ගලික අංශයට වී තොග ලබා දෙන්නෑ කියන එක මං සහතික වශයෙන්ම ඔප්පු කරලා තියෙනවා. මෙය ක්‍රියාත්මක වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු මට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙනවා.

මෙම අවස්ථාවට වී අලෙවිමණ්ඩලයේ සභාපති දිසානායක, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් රේණුකා ඒකනායක හා අමාත්‍ය උපදේශක ලෙස්ලි තිසේරා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ. 



අදහස් (0)

‘හිතවත්කමට වී තොග පෞද්ගලික අංශයට දෙන්නෑ‘

සුනිල් ගිකියනගේ Tuesday, 17 November 2015 05:29 PM

ලබන අවුරුද්දේ වී විකුණන කාලයට තමයි අපිට ඕක හරියටම තේරුම් ගන්න පුලුවන් වෙන්නේ. ගොවියන්ට ලබන අවුරුද්දේ වී ටික විකුණාගන්න පුලුවන් වුණොත් ඇමතිතුමාගේ කථාවේ හැටියට වැඩේ කෙරිලද කියලා දැනගන්න පුලුවන්. (නි)

:       0       0

සුනේෂ් Tuesday, 17 November 2015 01:26 PM

යහපත් දෙයක් සිදුවෙනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Tuesday, 17 November 2015 01:29 PM

අනේ හොඳයි. කොහොමත් ලබන අවුරුද්දේ තමයි ඕක අපිට හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. විකුණාගන්න ක්‍රමයකුත් තිබුණොත් හොඳයි (නි)

:       0       0

චතුර Wednesday, 18 November 2015 05:51 PM

ලබන අවුරුද්ද ගැන කතා කරන්න කලින් මේ අවුරුද්දේ වී ටිකට උත්තරයක් දුන්නොත් හොඳයි නේද. ඉඟිනිමිටිය, යාය 10, පලුගොල්ල, නවගත්තේගම පැත්තේ වී තාම ගෙවල්වලලු.(රේ)

:       0       0

චතුර Wednesday, 18 November 2015 05:51 PM

ලබන අවුරුද්ද ගැන කතා කරන්න කලින් මේ අවුරුද්දේ වී ටිකට උත්තරයක් දුන්නොත් හොඳයි නේද. ඉඟිනිමිටිය, යාය 10, පලුගොල්ල, නවගත්තේගම පැත්තේ වී තාම ගෙවල්වලලු. (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17345 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 705 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site