ඉතිහාසයේ පළමු වතාවට ටෙන්ඩර් කැදවීමකින් වී පෞද්ගලික අංශයට නිකුත් කිරීම යහපාලන ආණ්ඩුව ගත් තීරණය පිළිබද තමා සතුටු වන බවත් වී මිලදී ගැනීම හා වී ගොවියා ශක්තිමත් කිරීම ඉදිරි වර්ෂයේදී ජාතික ප්‍රතිපත්තියක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී. හැරිසන් මහතා එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ඉකුත් රජය සමයේදී අමාත්‍ය වරයාගේ නිර්දේශ මත කෙලින්ම කිව්වොත් ඇමති වරයාගේ තුන්ඩුවකින් මේ වී ටික දෙන්න කියපු වහාම පෞද්ගලික අංශයට පෞද්ගලික හිතවතුන් කිහිප දෙනෙකුට වී නිකුත් කිරීම සිදුවුණා. නමුත් යහපාලන ආණ්ඩුව යටතේ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යවරයා හැටියට මම එහෙම සිදු කරන්නේ නැහැ. මොකද මේක සාධාරණ විය යුතුයි.‘ යැයි අමාත්‍යවරයා කීවේය.
මගේ අමාත්‍යංශය යටතේ මින් ඉදිරියට පෞද්ගලික හිතවත් කමට දේශපාලන වාසි බලාගෙන පෞද්ගලික අංශයට වී තොග ලබා දෙන්නෑ කියන එක මං සහතික වශයෙන්ම ඔප්පු කරලා තියෙනවා. මෙය ක්‍රියාත්මක වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු මට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙනවා.
මෙම අවස්ථාවට වී අලෙවිමණ්ඩලයේ සභාපති දිසානායක, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් රේණුකා ඒකනායක හා අමාත්‍ය උපදේශක ලෙස්ලි තිසේරා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන අවුරුද්දේ වී විකුණන කාලයට තමයි අපිට ඕක හරියටම තේරුම් ගන්න පුලුවන් වෙන්නේ. ගොවියන්ට ලබන අවුරුද්දේ වී ටික විකුණාගන්න පුලුවන් වුණොත් ඇමතිතුමාගේ කථාවේ හැටියට වැඩේ කෙරිලද කියලා දැනගන්න පුලුවන්. (නි)
යහපත් දෙයක් සිදුවෙනවා නම් අපිත් කැමතියි (නි)
අනේ හොඳයි. කොහොමත් ලබන අවුරුද්දේ තමයි ඕක අපිට හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. විකුණාගන්න ක්‍රමයකුත් තිබුණොත් හොඳයි (නි)
ලබන අවුරුද්ද ගැන කතා කරන්න කලින් මේ අවුරුද්දේ වී ටිකට උත්තරයක් දුන්නොත් හොඳයි නේද. ඉඟිනිමිටිය, යාය 10, පලුගොල්ල, නවගත්තේගම පැත්තේ වී තාම ගෙවල්වලලු.(රේ)
ලබන අවුරුද්ද ගැන කතා කරන්න කලින් මේ අවුරුද්දේ වී ටිකට උත්තරයක් දුන්නොත් හොඳයි නේද. ඉඟිනිමිටිය, යාය 10, පලුගොල්ල, නවගත්තේගම පැත්තේ වී තාම ගෙවල්වලලු. (රේ)