
- වැඩිම මුදලක් අවශ්‍ය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. එම මුදල රුපියල් 71,252 ක්
විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය ජූනි මාසයේදී සාමාජිකයන් සිව් දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 66,064 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජීවන වියදමේ ඉහළ යාමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය.
සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම මුදලක් අවශ්‍ය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන සාමාජිකයන් සිව් දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පසුගිය ජූනි මාසයේදී රුපියල් 71,252 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ.
එසේම දෙවැනි ස්ථානයට පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම මුදලක් අවශ්‍ය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙසෙන සාමාජිකයන් සිව් දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පසුගිය ජූනි මාසයේදී රුපියල් 70,884 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමා ඇතුළු අලුත් ආණ්ඩුවේ අයටග් අවධානයට