IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සෆිලෝ සමූහ Carrearaසන්නාමයේ හැටපස් වන සංවත්සරය සමරයි

ඇස් කණ්ණාඩි රාමු සහ අව් කණ්ණාඩි නිර්මාණ සැලසුම්කරණය, නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සමාගමක් වන  සෆිලෝ සමූහය විසින් Carrera සන්නාමයේ 65 වැනි සංවත්සරය වෙනුවෙන් ‘‘Buying Day’’ සහ ‘‘Carrera Eyewear Night’’ යනුවෙන් සංවිධානය කරන ලද විශේෂිත වූ උත්සව දෙකක්, ශ්‍රී ලාංකීය අලෙවි නියෝජිතයන් සහ ප්‍රමුඛ පෙළේ දෘෂ්ටි සේවා ආයතනවල සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වීය.

සෆිලෝ සමූහ ආයතනය විසින් Carrera, Polaroid, Seventh Streer, Tommy Hilfiger, Levi's Boss, Pierre Cardin, Hugo සහ අනෙකුත් බලපත්‍රලාභී සන්නාමයන්හි නවතම ඇස් කණ්ණාඩි රාමු සහ අව් කණ්ණාඩි එකතුව ශ්‍රී ලාංකීය දෘෂ්ටි සත්කාර ක්ෂේත්‍රයේ වෙළඳ හවුල්කරුවන් ප්‍රමුඛ පෙළේ ආයතන සඳහා ඉදිරිපත් කිරීම මෙහිදී සිදු විය.

නවීනපන්නයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි විලාසිතා දැක්මකින්  සිත්ඇදගන්නාසුළු ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම උත්සවයේ දී ශ්‍රී ලාංකීය දෘෂ්ටි සත්කාර ක්ෂේත්‍රයේ වෙළඳ හවුල්කරුවන් හට නවතම ජාත්‍යන්තර ප්‍රවණතා, නව්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක්ද ලබා දෙන ලදී.

ඇස් කණ්ණාඩි රාමු නිෂ්පාදන පහසුකම සමඟින් 1878 දී ඉතාලියේ ආරම්භ වූ සෆිලෝ සමූහය අද වන විට අව් කණ්ණාඩි රාමු , ඇස් කණ්ණාඩි, සහ ක්‍රීඩා අක්ෂි පළඳනා නිර්මාණ සැලසුම්කරණය, නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම ආයතනයකි.

595



අදහස් (0)

සෆිලෝ සමූහ Carrearaසන්නාමයේ හැටපස් වන සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 344 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site