IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල ඩො.මි 350ක ප්‍රාග්ධන හිඟතාවක්

  Visa දකුණු ආසියානු උප සභාපතිනී ශෘති ගුප්තා  

VISA ඉදිරි මාස 12 දී මෙරට SME වෙත නව ඩිජිටල් විසඳුම් රැසක් හඳුන්වාදීමට යයි.
මෙරට ව්‍යවසාය ඩිජිටල්කරණයට රජය සහ බැංකු මූලිකත්වය ගැනීම වැදගත්


භානුක අමරසිංහ


අද වනවිට ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සිය ව්‍යපාරික ගනුදෙනු සඳහා පෞද්ගලික කාඩ්පත් යොදා ගන්නා බවත්, ඊට වඩා ව්‍යාපාරික කාඩ්පත් යොදා ගැනීම වාසි සහගත බව ඔවුන්ට පෙන්වා දිය යුතු බවත් ගෝලීයව ක්‍රියාත්මක වන ගෙවීම් වේදිකාවක් වන Visa පවසයි.
ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරමින් එම ව්‍යාපාර වෙත අවශ්‍ය ණය වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දීමට ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බැංකු මෙන්ම මූල්‍ය ආයතන Visa සමගින් එකට එක්ව කටයුතු කළ යුතු බව  Visa හි දකුණු ආසියාව සඳහා වන උප සභාපතිනි සහ වාණිජ සහ මුදල් සංචලන විසඳුම් ප්‍රධානී ශෘති ගුප්තා සඳහන් කරයි.
පසුගියදා කොළඹදී පැවැති “Scaleup” ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් ඇය මේ පිළිබඳව අවධාරණය කළාය.
“ලක්ෂ 10 ක් පමණ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මෙරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 50 කට වගේම රැකියා නියුක්තියෙන් සියයට 45 කට දායකත්වය දෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ව්‍යවසාය තවමත් එක්සත් ජනපද ඩොලර් මිලියන 350 ක පමණ කාරක ප්‍රාග්ධන හිඟතාවකින් පෙළෙනවා. පිළිගත් ණය ක්‍රමවේද වෙත පවතින සීමිත ප්‍රවේශය ඊට බලපා තිබෙනවා.” ඇය පැවසුවාය.
මෙහිදී සිය ව්‍යාපාරික කාඩ්පත් (විසඳුම් හරහා එම ව්‍යවසායන් වෙත දින 25 ත් 50 ත් අතර කාලයක් සඳහා වන ණය පහසුකම් ලබා දෙන බව ඇය පැවසුවාය. ඒ හරහා එම ව්‍යවසාය වෙත ද්‍රවශීලතාව කළමනාකරණය කරමින් සිය මෙහෙයුම් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවත් ඇය සඳහන් කළාය.
“අද වනවිට මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තමන්ගේ ව්‍යපාරික ගනුදෙනු සඳහා යොදා ගන්නේ පෞද්ගලික කාඩ්පත්. ඒත් ඊට වඩා ව්‍යාපාරික කාඩ්පත් යොදා ගැනීම වාසි සහගත බව ඔවුන්ට පෙන්වා දිය යුතුයි. ඉන් ලැබෙන ප්‍රතිලාභ ගැන අවබෝධය ලබා දිය යුතුයි. මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බැංකු Visa සමගින් එකට එකතු වීම වැදගත්.” ඇය පැවසුවාය. 
මේ අතර Visa ඉදිරි මාස 06 ත් 12 ත් අතර කාලයේදී ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත ගැළපෙන නව ඩිජිටල් විසඳුම් කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කරන බවද ඇය අනාවරණය කළාය. මේ හරහා එම ව්‍යවසාය ඩිජිටල් අනාගතය වෙත ගෙන්වා ගැනීමටත්, ඔවුන් තුළ පවතින කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සැපිරීමට උදව් කිරීමත් අරමුණයි.
Visa ඉදිරි මාස 6 ත් 12 ත් අතර ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත ගැළපෙන නවතම ඩිජිටල් විසඳුම් කිහිපයක් හඳුන්වා දෙන්නට සූදානමින් සිටිනවා. Feather  සහ Caramel කියන්නේ ඒවා. Feather හරහා අන්තර්ජාලය හා සම්බන්ධ නැති ව්‍යවසාය වෙත එම අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම Caramel එම ව්‍යවාසය වෙත ඩිජිටල් දැන්වීම්කරණ කටයුතු ඉතාමත් අඩු මුදලකට, වැඩි බලපෑමක් සහිතව සිදු කිරීමට භාවිත කළ හැකි ටූලයක්.” 
එසේම ඩිජිටල් CFO ටූලයක් එළිදැක්වීමට කටයුතු කරන බවත්, එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත අතථ්‍ය ප්‍රධාන මූල්‍ය නිලධාරියකු ලෙස කටයුතු කරමින් අවශ්‍ය මූල්‍ය කළමනාකරණ සහයෝගය ලබා දෙනු ඇති බවත් පැවසෙයි. 
“Flex Credential නමින් ක්‍රෙඩිට්, ඩෙබිට්, ලෝයල්ටි වගේම අනෙකුත් ව්‍යාපාරික කාඩ්පත් එකට එකතු කෙරුණු එක් තනි කාඩ්පතක් හඳුන්වා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මින් වඩාත් පහසුවෙන් ගනුදෙනු කළමනාකරණය කළ හැකි වේවි.”
මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මුහුණ දෙන මූල්‍යමය ගැටලු‍ වෙත විසඳුමක් ලබා දෙමින් බැංකු වෙත සහායක් ලෙස SMB Credit Uplink පහසුකමද දියත් කරන බවත් ඇය පැවසුවාය.



අදහස් (0)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල ඩො.මි 350ක ප්‍රාග්ධන හිඟතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site