(මොහොමඩ් ආසික්)
ගම්මිරිස් කුරුඳු ඇතුළු සුළු අපනයන බෝග නවයක් ආනයනය කිරීමත් ප්‍රති අපනයනයත් වත්මන් රජය විසින් තහනම් කිරීමට ගත් තීරණය නිසා මේ වන විටත් ගම්මිරිස් මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරියේදී ගොවීන්ට තවත් සහන ලැබෙනු ඇති බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේත්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද මහතා කීය.
පේරාදෙණියේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී අද (09) සවස මාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
‘‘පසුගිය දෙසැම්බර් පස් වනදා මුදල් අමාත්‍යාංශය මගින් අපනයන කෘෂි භෝග සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක් නිකුත් කළා.
අපනයන භෝග නවයක එනම් කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, කරාබු, ඉඟුරු, කහ, සියඹලා ඇතුළු භෝග නවයක් ආනයනය කිරීමත් නැවත අපනයනය කිරීමත් සම්පූර්ණයෙන් තහනම් කරල තියෙනවා. ඒ අනුව මේ බෝගවල විදෙස් නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන එන එක නවත්වලා තියෙනවා.
වත්මන් රජය මේ ගත්ත තීරණය ඉතාමත් වැදගත් තීරණයක් වෙනවා. ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන මෙම බෝගවල තියෙන සංඝටකවලට හොඳ මිලක් තියෙනවා. ඒවයේ තියෙන තෙල් ප්‍රමාණය වැඩියි. ඒවායේ තියෙන සංඝකවල තත්වය ඉතා පොහොසත්. නව රජයේ මෙම තීරණයත් සමඟ දේශිය නිෂ්පාදනවලට හොඳ තැනක් මෙමගින් ලබා දීලා තියෙනවා.
ප්‍රධාන වශයෙන් දේශිය ගොවියාගේ ආර්ථිය ශක්තිමත් වීම මෙයින් සිදු වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් රුපියල් 450 කට තිබුණ ගම්මිරිස් මිළ දැන් රුපියල් 800 ක් වෙනකම් නැඟල තියෙනවා. සාමානත්‍යයෙන් එකට එකක් වගේ වැඩි වෙලා තියෙනවා.
මේක ආරම්භයක් විතරයි ඉදිරියේදී තව දුරටත් ආනයනය කිරීම් නැවතීමත් සමඟ දේශිය නිෂ්පාදනවල මිල ඉහළ යනවා.
එමගින් දේශිය ගොවියාගේ ආර්ථික තත්වය ශක්තිමත් වෙනවා.එහෙම වුනහම සියලු ගොවීන් වැඩි වැඩියෙන් වගා කරන්න නැඹුරු වෙලා වැඩි අපනයන ආදායමක් අපට ලබා ගන්න පුළුවන්‘‘ වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්. ගොවියට මුදල් ලැබෙනකොට ඔහුගේ මිලදී ගැනීමේ ශක්තිය වැඩි වෙනවා. එමගින් රටේ වෙනත් කර්මාන්ත හා නිෂ්පාදන වලට ඉල්ලුමක් ලැබෙනවා .
මෙම නිලධාරි මහතුන් තේරැම් නොගත් දෙයක් මෙහි සඳහන් කළ යුතුව ඇත. මීට පෙරත් ගම්මිරිස් මිල ඉහළ ගිය මොහොතක ගොවි මහතුන් එම වගාවට නැඹුරු වුනා. එහෙත් පසුගිය තත්ත්වයට මුහුණ දීමට ඔවුන්ට සිදුවුනා. ගම්මිරිස් වගාව කෙටිකාලීන බෝග වගාවක් නොවේ. මේ නිසා ඇමතිවරැ මාරැවෙන සහ ආණ්ඩු මාරැවෙන කොට ගොවි මහතුනුත් බෝගය මාරැ කළ යුතුද? පළමුව ප්‍රතිපත්තියක සිට කටයුතු කිරීමට මේ නිලධාරින් නීති සකස් කර ගත යුතුව ඇත. ලොවම පිළිගන්නා ශ්‍රී ලංකාවේ දුෂිත දේශපාලනයට මුහුණදීමට රාජ්‍ය නිලධාරින්ට කොන්දක් තිබුනේ නම් අද වැනි අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වෙන්නේ නැත.
ගොවියට හොඳ මිලක් ලැබෙනවා වගේම පරිබෝගිකයා ගැනත් බලන්න ඕනි , සමස්ත ජනතාවගෙන් 1% ටත් අඩු ගම්මිරිස් ගොවියා වෙනුවෙන් 99% උන පාරිබෝගිකයන් පීඩාවට පත්වෙන එක වලක්වන්න. දේශීය පරිභෝජනය වෙනුවෙන් සාධාරණ මිලක් දෙන්න පුළුවන් නම් හොඳයි.
හොඳ තීරණයක්. වගාකරුවන් අතට මුදල් ලැබෙනකොට මෙතෙක් කල් ඔහුට නොලැබුණු ලාබයක් ලැබීමම වගාව තව තව වැඩි කරගන්න ඉබේම පෙළඹෙන සත්‍යක්. ඔහුගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. හැම වගාකරුවෙක්ම බලාගෙන සිටියේ ඕකට තමයි. ලොවම පිළිගන්නා ශ්‍රී ලංකාවේ දුෂිත දේශපාලනයට මුහුණදීමට අවංක රාජ්‍ය නිලධාරින්ට හැකියාවන් තිබුනේ නම් අද වැනි අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රී ලංකා ගමමිරිස් පත්වෙන්නේ නැති බව ඉතාම ප්‍රචලිත කරුණක්.
හීන්කෙන්ද මහතාණෙනි, නොදන්නා නිසා අහන්නේ මෙම සුළු අපනයන ද්‍රව්‍ය මෙරටට මුලින්ම ගෙනවිත් ප්‍රතිඅපනයනය පටන්ගත්තේ කවදා සිටද ? කාගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කළ දෙයක්ද ? රටට පැහැදිලි කරන්න.